Gossip News

දකුණු පළාතෙන් කොරෝනා රෝගින් වැඩිවීමක්

දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොවිඩ්  මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරින් පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 400දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.

ඊයේ (21) දකුණු පළාතෙන් කොරෝනා නව ආසාදිතයන් 11 දෙනෙකු හමුවී ඇත. ගාල්ල මහනගර සභාවෙන් රෝගීන් 06 දෙනෙකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන් 04 දෙනෙකු, මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් එක් රෝගියකු හමුවී ඇති බවද ඒ මහතා පවසයි.

මේ වනවිට කොරෝනා  ආසාදනය වී සුවවීමෙන් පුද්ගලයින් 258 දෙනෙකු නිවෙස්වලට ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 167 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ 68 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා රෝගය සුව වීමෙන් නිවෙස්වලට ගොස් ඇත.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 798කට අයත් පුද්ගලයින් 2015 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 489කට අයත්  පුද්ගලයින් 1640 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්  432කට  අයත් 713 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද, ඒ අනුව දකුණු පළාතේ පවුල් 1719කට අයත් පුද්ගලයින් 4635 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!