Gossip News

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයෙක්, හොර රහසේම භූමිදානය කරලා

පවුලේ සාමාජිකයින් සිවිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග නිරෝධායනයට ලක් කර තිබූ බේරුවල චීනකොටුව ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක ප‍්‍රධානියකුට අයත් නිවසක මිය ගිය 78 හැවිරිදි කාන්තාවක් හොර රහසේම වළ දමා තිබීමේ සිද්ධියක් පිළිබඳව බේරුවල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

මෙම නිවසේ හිමිකරු ඉකුත් 11වන දින බේරුවල සෞඛ්‍ය වෛද්‍යා නිලධාරි කාර්යාලයට පැමිණ නිවසේ උත්සවයක් ඇති බව පවසා ඒ සඳහා අවසරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මෙම නිවසේ උණ රෝගීන් සිටින බවට කිසිවෙකු විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඒ අතරතුරය. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂණයක් මෙම නිවසේ විසූ පහළොස් දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කර ඇති අතර ඉන් සිව් දෙනකු කොරෝනා ආසාදිතින් බවට තහවුරු වී තිබේ. ඒ අනුව එම නිවසේ පිරිස නිරෝධායනයට ලක් කර තිබූ බවත් ඒ අතර කාලය තුළ දිනක සවස 4 ට පමණ මිය ගිය කාන්තාව රාත‍්‍රි 8 වන විට හොර රහසේ වල දමා තිබූ බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මේ අතර මේ පිළිබඳව තොරතුරු ලැබී ඇති බව කියමින් අක්කරගොඩ ග‍්‍රාම නිලධාරිවරයකු බේරුවල පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබේ. මෙම සිද්ධියට අදාල පුළුල් පරීක්‍ෂණ සිදු කිරීම සඳහා පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂණයට එම නිවස නිරෝධායනය කර තිබීම බාධාවක්වී ඇත. බේරුවල පොලිසිය මේ පිළිබඳව ඊයේ (21) කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කළුතර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්‍ෂණ පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!