Gossip News

ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධයට අනුමැතිය හිමිවෙයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද(22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව තහවුරු කළේය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ, දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීමය.

පසුගිය දිනවල දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!