ජීවිතේ සමහර තැන් දිනන්න නම් අප්රමාණ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා.
ඒ විදිහට දුක් කන්දරාවක් විඳලා ජීවිතේ දිනපු නීතීවරියකගේ කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.
ඇය නයිජීරියානු ජාතික නීතීඥ Awele Ideal.
මේ ඒ කටුක ජීවිත කතාවයි…
මගේ අම්ම මාව අත ඇරල දානකොට මට වයස අවුරුදු හතයි.
මගේ තාත්තයි කුඩම්මයි එක්ක තමයි මට ජීවත් වෙන්න වුණේ. කුඩම්ම හරිම නපුරුයි.
මම දවස් ගණං බඩගින්නෙ ඉඳල තියනවා. කුඩම්මට ඒක ප්රශ්නයක් වුණේ නැහැ.
බඩගින්න වැඩිකමට මම අපේ බල්ලට දාල තිබ්බ කෑමවල ඉතුරු ටික කන්න පුරුදු වුණා.. දවසක් මම බල්ලගෙ ඉතුරු කෑම කනකොට අල්ලපු ගෙදර පිරිමි ළමයට අහු වුණා.
එයාගෙ අම්ම මට එදා හවස එයාලගෙ ගෙදරට ආරාධනා කරා. එයාගෙ අම්මට දැන ගන්න ඕන වුණා මම බලු කෑම කාපු එක ඇත්තම ඇත්තද කියලා.
මම හොඳටම බය වුණා. කොච්චර බය වුණාද කියනවා නම් කුඩම්මට කියන්න එපා කියලා ඇය ඉදිරියේ බැගෑපත් වෙන්න මට සිද්ධ වුණා..
ඇය හොඳටම හඬා වැලපුනා. ඊට පස්සෙ ඇය මට හැමදාම කෑම දෙන්න පොරොන්දු වුණා.
මාව බඩගින්නෙ තියන එක මදි කියල හිතපු හින්ද වෙන්න ඇති සමහර වෙලාවට කුඩම්ම මට කලන්තෙ දාල වැටෙනකන්ම ගැහුවා. මගේ යෝනි මාර්ගෙයි, අත් කකුල්වලයි, බෙල්ලෙයි ගම්මිරිස් ගාලා දවස් ගනං මාව කක්කුස්සියට දාල වහල තිබ්බා.
ඒත් මම ඉගෙන ගන්න එක නතර කළේ නැහැ. මොකද පැනගන්න තියන එකම ක්රමය ඒක විතරයි කියල මම හොඳටම දැනගෙන හිටියා.
