Gossip

“ආච්චියි, තාත්තයි”අම්මයි පුතයි එකට බීලා.” – සාදය මරණයකින් අවසන් වුණු හැටි

ගම්පොළ, පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකුගේ ඝාතනය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ 24 හැවිරිදි පුතු හා මව සැකපිට අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මුරගෝසු ආරුමුගම් නමැති තිදරු පියෙකි.
මොහු සමඟ ආරවුලක් ඇති කර ගත් මෙම මව හා පුතු මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරුගේ ප‍්‍රකාශවලින් තහවුරු වී ඇති බව ද පොලිසිය පවසනවා..

මරණකරුගේ බිරිඳට 10 වැනි දින වැටුප් ලැබී ඇති බවත් එයින් රුපියල් දහසක් ඉල්ලා ගත් මරණකරු එයින් මත්පැන් නිවසට රැගෙනවිත් ඇති බව හෙළි වී ඇති අතර නිවසේ සිටි මරණකරුගේ මව, බිරිඳ හා පුතා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ආරවුල් හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
එදින රාත්‍රී 11 ට පමණ පුතු විසින් එම නිවසේ කුස්සිය තුළදී පියාට තියුණු ආයුධයකින් හා මොට ආයුධයකින් පහරදී තිබේ. පසුව මව හා එක්ව එම සැකකාර පුතා බිම වැටී සිිටි පියා ඇඳ මත තබා පසුදා පුස්සැල්ලාව පොලිසිය වෙත ගොස් පියා මියගොස් සිටින බව දන්වා තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මේ සියලූ කරුණු අනාවරණය කර ගනිමින් සැකකාර මව හා පුතු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සිරුර පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණ නාවලපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් අමිල උදය මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවයා වෙත යොමු කරන ලෙස දන්වන ලදී.

පසුව එම සිරුර මරණකරුගේ 22 හැවිරිදි දියණිය වෙත ලබා දෙන ලෙසත් මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා 19 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසත් දන්වන ලදී. සැකකරුවන් ඊයේ 12 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!