ලෝකයේ කොවිඞ් 19 රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව ඊයේ (08 වැනිදා) සවස වන විට 1447454 ක් ලෙස වාර්තා වී තිබිණි.
මියගිය සංඛ්‍යාව 83401 කි. 309145 ක් සුවය ලබා තිබේ. ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 17127 කි. ආසාදිත සංඛ්‍යාව 135586 වශයෙන් ක් වාර්තා වී ඇත.
ඇමරිකාවෙන් පුද්ගලයන් 400549 ක් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබෙන අතර, මරණ සංඛ්‍යාව 12857 කි. ස්පාඤ්ඤයෙන් මරණ 146690 ක් වාර්තා වන අතර, 14555 ක් ආසාදිතයන් ලෙසින් වාර්තා වී තිබේ.
ජර්මනියෙන් මරණ 2016 ක් වශයෙන් වාර්තා වී තිබෙන අතර, 107663 ක් වෛරසයට ගොදුරු වී ඇත. ප‍්‍රංශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 10328 කි. ආසාදිතයන් 109069 කි.
ඉරානයෙන් මරණ 3993 ක් සිදුව ඇති අතර, 64586 ක් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ.
චීනයෙන් මරණ 3333 ක් වාර්තා වී තිබෙන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 81802 ක් වශයෙන් වාර්තා වී තිබේ.
එංගලන්තයේ 6159 ක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 55242 ක පිරිසක් රෝගයට ගොදුරු වී ඇත. තුර්කියෙන් මියගිය පිරිස 725 ක් වන අතර, ආසාදිත සංඛ්‍යාව 34109 කි. ස්විට්සර්ලන්තයෙන් මරණ 858 ක් සිදුව ඇත. 22789 ක් වෛරසයට ගොදුරු වී ඇත.
ලසිත දුමින්ද