Gossip News

ලොව පුරා හෙදි හිඟය මිලියන 5.9ක් වෙයි

කොවිඩ් – 19 වසංගතය දරාගත නොහැකි මට්ටමෙන් ලොවපුරා පැතිර යාමේදී ගෝලීය වශයෙන් හෙදියන්ගේ හිඟය මිලියන 5.9 ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් පවසයි.

විශේෂයෙන් අප්‍රිකාව, අග්නිදිග ආසියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ මෙන්ම ලතින් ඇමරිකාවේ සමහර ප්‍රදේශවලද විශාලතම හිඩැස් දක්නට ලැබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ලොව පුරා සෞඛ්‍ය සේවකයන්ගෙන් අඩකට වඩා හෙදියන් වුවද එය මිලියන 28 කට අඩු සංඛ්‍යාවක් බවද ඔහු කියා සිටී.

මෙම ගෝලීය හෙද හිඟය මඟහරවා ගැනීම සඳහා මුළු හෙද උපාධිධාරීන් සංඛ්‍යාව වසරකට සාමාන්‍යයෙන් 8% කින් වැඩි කළ යුතු බව ඇස්තමේන්තු කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!