මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුඩුකර එහි ගතකරන බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
රන්ජන් රාමනායක මහතා රඳවා සිටින ‘පී’ වාට්ටුව තුළ තවත් රැදවියන් දෙදෙනකු රඳවා සිටින බවත් එම වාට්ටුවේ රඳවනු ලබන්නේ විශේෂ ආරක්ෂාව සැපයීමට අවශ්‍ය රැුඳවියන් පමණක් බවත් එම ආරංචිමාර්ග පවසයි.
රන්ජන් රාමනායක මහතා පෙරේදා (15 දා සවස බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ රැඳවියන් ආහාර ලබාගන්නා වේලාව අවසන්ව තිබීම නිසා රාත්‍රිය නිරාහාරව ගතකිරීමට සිදුවී තිබෙනවා.
ඊයේ උදෑසන ආහාර වේලට පෙර හෙතෙම බන්ධනාගාර නිලධාරියකු මාර්ගයෙන් බිස්කට් පැකට්ටුවක් ගෙන්වා ගෙන ආහාරයට ගෙන තිබෙනවා.
තමාට ගැස්ට්‍රයිටීස් (අම්ලපිත්ත රෝගය නිසා නිරාහාරව සිටීම අපහසු බව ඔහු එම නිලධාරියාට පවසා ඇතැයිද වාර්තා වනවා.
විමල් වීරවංශ මහතා ඇතුළු බන්ධනාගාර ගතවූ දේශපාලකයන් කිහිප දෙනකු බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා තැබූවද විවිධ පාර්ශ්වවලට එරෙහිව රන්ජන් රාමනායක මහතාගේ හඬපට තිබෙන නිසා දැඩි ආරක්ෂාවක් ලබාදීම සඳහා ඔහු ‘පී’ වාට්ටුවේ රඳවා තැබීමට පියවර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පිටින් ආහාර රැගෙන එන බවත් ඔහුට නිදා ගැනීමට පහසුකම් හෝ රෝගී තත්ත්වයක් තිබෙන බවට ඊයේ දහවල් වන තෙක් බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර නැතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, හේෂා විතාන සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරු ඊයේ දහවල් මැගසින් බන්ධනාගාරයට පැමිණියා.