Gossip News

වසර 27 කට පෙර කාන්තාවක් ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ විත්තිකරුවන් පස් දෙනාට මහාධිකරණයෙන් ලැබුණු නියෝගය

1993 වසරේදී කාන්තාවක් ඝාතනය කල බවට චෝදනා එල්ල වූ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හෝමාගම මහාධිකරණය පසුගියදා නියෝග කළා.
වසර 27කට පෙර සිදුවූ මෙම සිදුවීමට අදාලව චෝදනා වලින් මෙලෙස නිදොස්කොට නිදහස් කෙරුනේ වලපහලගේ සිරිපාල , උපාලි ධර්මසිරි, අජිත් ප්‍රේමසිරි , සුසන්ත සිරිවර්දන , ලලිතා පියසීලි යන අයයි.
වෙලපහලහේ සිරිපාල නැමැති විත්තිකරුගේ සහෝදරියක් ඝාතනය කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 140, 146 , 296 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුනා. මෙහිදී පලවන දෙවන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරුවන්ට එරෙහි සාක්ශි වල දැඩි පරස්පර විරෝධීතා හා ඌනතා ඇති බව වාචික හා ලිඛිත දේශන වලදී ජනාධිපති නීතිඥවරයා කරුනු දක්වා තිබුණා.
සියලු කරුනු සැලකිල්ලට ගත් හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දීර්ඝ දේශනයකින් අනතුරුව නියෝග කලේ විත්තිකරුව පස්දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි. මහාධිකරණයට ඉදිරිපත් කෙරුනු කරනු වල පරස්පර විරෝධීභාවයක් හා ඌනතවන් ඇතුලු කරුනු රැසක් සැලකිල්ලට ගෙන මම නියෝගය ලබා දෙන බවයි තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!