ගල්නෑව, සියඹලෑව ප්රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කළ කාන්තාව මානසික රෝගයකින් පෙළන තැනැත්තියක් බවට සැකකරන බව පොලීසය පවසනවා.
ඊයේ(19) ගල්නෑව, සියඹලෑව ප්රදේශයේදී ගෙල සිරකර කුඩා දැරියක් ඝාතනය කර තිබෙනවා.
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර අදාල දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති බැවින් ඇය දහවල් කාලය මිත්තනිය සමඟ ගත කරන අතර එම කාලයේ සෑම දිනකම අදාල දියණිය අසල්වාසී නිවසකට රැගෙන යන බවට පොලීසිය සිදු කළ විමර්ශවලදී අනාවරණ වී ඇති බව වාර්තා වී තිබෙනවා.
පොලිසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී පොහොර උරයක දමා ගැට ගසා නිවස අසල තිබූ ළිඳක සිටියදී දැරියගේ සිරුර සොයාගත් බව පොලීසිය පැවසා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03යි මාස 04ක් වයසැති කුඩා දැරියකි.
අසල්වැසි 22 හැවිරිදි කාන්තාවක විසින් ගෙල සිරකිරිමෙන් ඝාතනය සිදු කර ඇති බව කාන්තාවගෙන් සිදු කළ ප්රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකාර කන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවට වාර්තා වෙනවා.