Gossip News

අභාවප්‍රාප්ත දි.මු. ජයරත්න මහතාගේ දේහය නිවසට.. අවසන් කටයුතු සෙනසුරාදා..

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත දි.මු. ජයරත්න මහතාගේ දේහය අද(20) දහවල් සිය ගම්පොළ පිහිටි සිය නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

ඒ මහතා ඊයේ(19) අභාවප්‍රාප්ත වන විට අසු අට වැනි වියෙහි පසුවිය.

දිසානායක මුදියන්සේලාගේ ජයරත්න මහතා උපත ලැබුවේ 1931 වර්ෂයේ ජුනි මස 04 වන දිනයි.

1970 මහ මැතිවරණයට ගම්පොළ ආසනයෙන් ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත් වූ දි. මූ. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු කිහිපයක තනතුරු රැසක් දැරූ කීර්තිමත් දේශපාලනඥයෙක්.

එතුමා විසින් 1994 පොදු පෙරමුණු රජයේ ඉඩම්, කෘෂිකර්ම හා වන සම්පත් අමාත්‍ය ධුරය දැරූ අතර ඉන් අනතුරුව කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර අමාත්‍යධුරයත්, තැපැල් විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය ධුරය මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයත් ඇතුළු අමාත්‍යධුර ගණනාවක් හොබවනු ලැබීය.

දි.මු.ජයරත්න මහතා මෙරට 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට පත්වූයේ 2010 වර්ෂයේදීයි.

ඒ සමග එතුමා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යධුරය ද දැරීය.

දි.මු.ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

මහනුවර පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්ප්‍රාත්වූ ඒමහතාගේ දේහය කුරුනෑගල සිට රථ පෙළපාලියකින් ගම්පොළ නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

ජයරත්න මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා සිදු කෙරෙන බව පවුලේ සාමාජිකයන් දැනුම් දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!