Gossip News

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී අරලියගහ මැදුරෙන් නික්ම ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.
1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබෙනවා.
2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය. පස් වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කටයුතු කර තිබෙනවා .සිය තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!