පුහුණුවකට ආ උප පොලිස් පරික්ෂකවරයෙකු අසල්වැසි නිවසක සිටි 9 හැවිරිදි දැරියකට නිරුවත පෙන්වීම නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුවත වාර්තා වෙන්නේ ගම්පහ කටාන ප්‍රදේශයෙන්. අරලගංවිල පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම උප පොලිස් පරික්ෂකවරයා කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට ඇවිත් සිටියදී මෙය සිදුව තිබෙනවා.
ඔහු නැවති සිටි නේවාසිකාගාරය ආසන්නයේ නිවසක හිටපු දැරියකටයි නිරුවත පෙන්වූ බවට මේ නිලධාරියාට චෝදනා එල්ල වෙලා ඇත්තේ. දැරිය මේ ගැන අම්මාට ගිහින් කියලා තියෙනවා.
ඊට පස්සේ අම්මා කරලා තියෙන්නේ අසල්වැසියන් කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා මේ පොලිස් නිලධාරියාව කටාන පොලීසියට බාරදීලා. සිද්ධිය එතැනින් දුරදිග ගොස් උසාවියටත් ගිහින් නතර වෙන්නේ උප පොලිස් පරික්ෂකවරයාට රිමාන්ඩ් වෙන තැනට කරුණු යෙදෙමින්.
ඉතින් මේ නිලධාරියා ලබන මාසයේ 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්න උසාවිය නියෝග කරලා කියලයි ආරංචි.
