තරු හුට පට

ඇඹිලිපිටියේ එම්.ජීට ඩුප්ලිකේට් එම්.ජී මීගමුවේදී හමුවෙයි – දෙන්නාටම හිනා

2

දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වැඩසටහනින් නව පරපුරේ සුවහසක් සංගීත ලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර වූ  එම්.ජී ධනුෂ්කගේ නම නොදන්නා කෙනෙක් නෑනේ. කොහොම වුණත් ඒ ධනුෂ්කගේම නම විකුණාගෙන කමින් වැරදි වැඩක් කරලා අතටම අහුවුණ ධනුෂ්ක කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. මොකද මේ ධනුෂ්කත් හැඩ රුවින් ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්කම වගේ නිසයි.

කතාවකටත් කියනවානේ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා. ඒ කොහොම වුණත් සමාජයේ ජීවත් වෙනකුට වැරදි ක්‍රමවලින් එහෙම නැතිනම් මිනිසුන් නොමග යවලා අහිංසක මිනිසුන්ගේ අතේ මිටේ තියෙන අන්තිම ශතයත් කඩා වඩා ගන්නා වැඩ කරන මේ වගේ ධනුෂ්කලා දහසක් සිටියත් කුමටද කියන ප්‍රශ්නය මේ දේවල් අහනකුට දකිනකුට හිතෙනවා.

මේ කියන පුද්ගලයාගේ නම ධනුෂ්කත් නෙවෙයි. මෙයා ඇවිල්ලා සැබෑ එම්.ජී ධනුෂ්කගේ රුවට සමාන රුවකින් යුත් වයස අවුරුදු 28 ක් වන නුවරඑළිය, රම්බොඩරොටොෆ් වතුයායේ පදිංචි එන්.ජී රණසිංහ බණ්ඩාර නමැති අයෙක්.

මෙයා පහුගිය ටිකේම කරලා තියෙන්නේ එම්.ජී ධනුෂ්කගේ නමයි තමන්ගේ රූපයයි  විකුණලා සල්ලි හම්බ කිරීමත්, කාන්තාවන් රැවටීමත් කියන දේවලුයි. ඉතින් මෙයා ධනුෂ්කගේ නම භාවිතා කරලා සංගීත සංදර්ශන සංවිධායකයින්ගෙන් මුදල් ලබාගැනීම, අන්තර්ජාලය හරහා තරුණියන් රැවටීම වැනි අකටයුතුකම් කළ බවට සැබෑම එම්.ජී ධනුෂ්ක පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.

එහෙම කරද්දී අද මෙයා අතටම අහුකරගන්න සැබෑ එම්.ජී ධනුෂ්කටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ අද දිනයේ සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීම වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලබාදෙන බවට දුන් දුරකථන ඇමතුමක් අනුව ඔහු මීගමුව බස් නැවතුම්පළට ආපු අවස්ථාවේ. ඒ වෙලාවේ පොලීසිය කැටුව එතැනට ගිය සැබෑම ධනුෂ්ක ඩුප්ලිකේට් ධනුෂ්කව දැලට හසුකර ගැනීමට සමත් වෙනවා.

මීගමුව බස් නැවතුම්පළේදී මොහු අත්අඩංගුවට ගත් පසු  ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක කියා සිටියේ තම නම අවභාවිතා කරමින් ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලා වෙබ් අඩවි හරහා නොයෙකුත් අකටයුත‍ෙකම් කරන තවත් පිරිස් සිටිය හැකි බවයි.

එසේම තමාගේ සැබෑ නමින් යම් යම් දෑ කරනවා මිස අනුන්ගේ නම භාවිතා කරමින් මෙවැනි දෑ නොකළ යුතු බවත්, තවදුරටත් එවැනි අකටයුතුකම් කරන පිරිස් සිටීනම් වහාම එම දුරාචාර කටයුත්තෙන් බැහැරවන ලෙසත් ඔහු ඉල්ලීමක් කළා.

ඉතින් තමන්ගේ නම භාවිතා කරමින් මෙහෙම ජනතාව රවටා මුදල් ගැනීමත් තරුණියන් රැවටීමත් වැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම ඩුප්ලිකේට් ධනුෂ්ක ගැන අන්තිමටත් සැබෑ ධනුෂ්ක කියා සිටියේ නීතිය විසින් ඉදිරි කටයුතු සිදුකරනු ඇති කියලයි.

පහත වීඩියෝව බලන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!