Gossip News

ෆේස් බුක් පෙම්වතියගේ බූට් එක නිසා පාසල් සිසුවා සිය දිවි නසාගන..

ෆේස් බුක් හරහා යාළුකරගත්ත තරුණියගේ බූට් එක දරාගන්න බැරුව සිය දිවි හානිකරගත් තරුණයෙකු පිළිබඳ පුවතක් වාන්ඇල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා ‌වෙනවා. ඊයේ (27) දා අලූයම් කාලයේදී මෙලෙස ගෙල වැලලා ගෙන මිය ගිහින් තියෙන්නේ වාන්ඇල ඩෝසර් පාරේ පදිංචි එච්.එම් අමිල නිරෝෂන් නමැති 18 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාන්ඇල පොලිසිය ප්‍රකාශ කරනවා.

මීට වසරකට පමණ ඉහත දී එම පාසල් සිසුවා ෆේස් බුක් හරහා අදාල තරුණිය සමග සම්බන්ධයක් ඇතිකරගන ඇති අතර මිය ගිය දිනට පෙර දින රාත්‍රියේ 10 පමණ වනතුරු ඔවුන් දෙදෙනා පණිවිඩ යවමින් සිට තිබෙනවා.ඒ වෙලාවේ ඇතිවුණ අමනාපයක් හේතුවෙන් පාසල් සිසුවා සිය කාමරය තුලදී දිවි නසා ගෙන මිය ගොස් ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ මූලික රෝහලේ දී ඊයේ දින සිදුකර ඇති අතර වාන්ඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජූන කොඩිකාරගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!