1986 දී මුහුදු වෙරළට දමන ලද මාර්ස් චොක්ලට් දවටනයක් වසර 33කට පසුව නැවත හමුවීමේ කතාවක් ගැන අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා.
එම චොකලට් දවටනය අලුත් දවටනයක් මෙන් නොදිරා පවතින අයුරු එයින් දිස්වනවා.
මෙය දිරා යාම සදහා වසර 600ක් පමණ ගත වන අතර වසර 33 කදී එය නොදිරා තිබීම පුදුමයට කරුණක් නොවේ. .
මෙවැනි පොලිතින්, ප්ලාස්ටික් සහ වීදුරු කැලි කසල ටොන් ලක්ෂ ගණනක් ලොව පුරා පොලවේ පස් අතර පවතියි.
එයට ඔබත් අනිවාර්යෙන්ම දායක වී ඇත. එම නිසා අද සිටම කසළ අවිධිමත්ව බැහැර කිරීමෙන් වැළකීම අප කාගේත් යුතුකමකි.