Gossip

මුස්ලිම් ඇමතිවරුන් ධුරවලින් ඉවත් වුණාට ඉල්ලා අස්වීමේ ලිපි සහ නිල වාහන තාම භාර දීලා නෑ

ධුර වලින් ඉවත් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී නොමැති බවට වාර්තා වනවා.

ඊට අදාළ ලිපි ඊයේ (05) රාත්‍රීවන විට ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඔවුන් කටයුතු කර නැහැ.

එමෙන්ම කිසිදු ඇමතිවරයෙකු සිය නිල වාහන භාරදීමක් හෝ පෞද්ගලික කාර්යය මණ්ඩලය ඉවත් කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මැති ඇමතිවරු අතර පක්ෂ නායකයින් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සිටින බැවින් ඔවුන්ට පෙර පරිදිම පාර්ලිමේන්තුවේ අසුන් පැනවිමට තීරණය කර තිබෙනවා.

පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට එකඟතාව පළ වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙනවා.

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වූ බවට ජනාධිපති කාර්යාලයෙන් ලිඛිතව දැනුම්දුන් පසු ඔවුන්ට පාර්ලිමේන්තුවේ පසුපෙල අසන් වෙන් කරන බව සඳහන්.

පක්ෂ නායකවරුන් දෙදෙනා සහ පක්ෂ සභාපතිවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් පිළිබඳව අදාල දැනුම්දීම සිදු නොකළහොත් පෙර පරිදිම අසුන් පැනවීමට සිදුවන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!