Gossip

තරඟයේ වීරයා සම්මාන සියල්ල, මුරලි ගුඩ්නිස් පදනමට පරිත්‍යාග කරයි

ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම පිට දඟ පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් මුත්තයියා මුරලිදරන් සිය අවුරුදු 19 ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරගයේ වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර තිබෙනවා.

සීනිගම පිහිටා ඇති එම පදනමේ මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ‘මුරලි කෞතුකාගාරය’ වෙත මුරලි මෙසේ සිය සම්මානයන් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මෙම කෞතුගාරය වෙත කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සිහිවටනයන් ලබාදෙන ලෙස මුරලි ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!