Gossip

ගස් කැපීමට කිසිම කොන්දේසියක් අවශ්‍ය නැති ගස් සිටුවීමට දහසක් කොන්දේසි – විල්පත්තුවේ ගස් හිටවන්න හදපු අයට වනජීවී එකෙන් ආපු අපූරු උත්තරය

විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානයක් ලෙසයි. කෙසේවෙතත් මෙම විල්පත්තුව රක්ෂිත වනාන්තර තුළ පැතිර යමින් පවතින “අනවසර ජනාවාස” සම්බන්ධයෙන් දිගින් දිගටම කතාබහක් ඇතිවුණා.

ඒ වගේම තමයි මෙම ජනාවාස හේතුවෙන් මෙම වනාත්තරයේ ගස්වැල් බොහෝමයක් විනාශ වුණා.

විල්පත්තුවේ සිදුවෙමින් පවතින බව පැවසෙන මේ වන විනාශය මෑත කාලයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවක් වුණා. කෙසේවෙතත් විල්පත්තුවේ නැවතත් ගස් සිටුවීමට පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති නමුත් එයටද අවසර ලැබී නැහැ.

මේ ඒ අය මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්ට එක් කෙරූ අදහසක්.

ගස් කැපීමට කිසිම කොන්දේසියක් අවශ්‍ය නැති ගස් සිටුවීමට දහසක් කොන්දේසි දමන විල්පත්තු ජාතික වනෝද්‍යානය .

මෙහි දැක්වෙන්නේ අප විසින් විල්පත්තු වනාන්තරයේ කුඹුක් පැල හිටුවීමට අවසර ඉල්ලා යැවූ ලිපියට වනජීවී එකේ ඉහල නිලධාරීන් විසින් ලබාදුන් පිලිතුරු ලිපියයි .

ඔවුන් පවසන අන්දමට විල්පත්තුවේ කිසිදු පැළයක් රෝපනය කිරීමට අවසර නැත . ඒ වෙනුවට ඔවුන් දෙන විසදුම නං ඊට ආසන්නයේ ඇති තබ්බෝව අභය භූමියේ පැළ සිටුවීමට අවසර දී තිබීමයි .

එක යායට විනාශ කරන විල්පත්තු ජාතික වනෝද්‍යානය අවසන් හුස්ම හෙලන්නට පෙරාතුව අපේ යුතුකම ඉටු කිරීමට ගස් උත්සාහය මෙලෙසින් ව්‍යර්තක උනේ කාගේ බලපෑමකින්ද යන්න ඔබ අප කවුරුත් දන්නා කරුණකි .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!