Gossip

“මගේ ජීවිතයේ මුහුණදුන් හැම දෙයක්ම පාඩමකට අරගෙන දැන් මම මගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා” – සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාවේත් ඉතා ජනප්‍රිය නළුවෙක්. මේ දිනවල බොහෝදෙනා අතරේ කතාබහට ලක්වෙන සාරංග ටෙලි නාට්‍යය කිහිපයකටම දායක වෙනවා. මේ ඔහු සති අන්ත පුවත්පතක් සමග දැක්වූ අදහසක්.

සාරංග මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල වෙස් ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරතුර මම ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කීපයකටත් දායකවෙමින් ඉන්නවා. ඔය අතරේ මට විදෙස් ප්‍රසංග කීපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ දැන් ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවලට වැඩි උනන්දුවක් දක්වනවා නේද?
අලුත් චිත්‍රපට කීපයකටම මට ආරාධනා ලැබුණා. ඒ නිසා සිනමාව පැත්තටත් ටිකක් වැඩි අවධානයක් යොමුකරන්න ඕන කියලා මට හිතුණා

චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් සඳහා එකම දිනවල ආරාධනා ලැබුණොත් තෝරාගන්නේ මොන නිර්මාණයද?
එහෙම වුණොත් අදාළ නිර්මාණය මොන වගේද කියලා හා මට රඟපාන්න තිබෙන චරිතයේ ස්වභාවය දිහා බලලා තමයි තීරණයක් ගන්නේ.

සාරංග දැන් සමාජ සත්කාරක වැඩවලටත් වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා කියලා ආරංචියි… ඇත්තද ඒ කතාව?
ඔව්. මම මේ වෙද්දී හාපික් ආයතනයේ සන්නාම තානාපතිවරයා විදියට කටයුතු කරනවා. ඒ හරහා සනීපාරක්ෂාව ගැන පාසල් ළමුන් දැනුවත් කරන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදාවෙලා තියෙනවා.

පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් කතා කළොත්?
අම්මයි, මමයි සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. අපේ ව්‍යාපාර කටයුතුවලටත් කාලය වෙන් කරන නිසා කලාව සහ ව්‍යාපාර කටයුතු එක්ක මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි.

පසුගිය කාලයේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ හැලහැප්පීම් දිහා හැරිලා බලද්දී දැන් ඔබට මොනවද හිතෙන්නේ?
අපි ජීවත්වෙද්දී හැලහැප්පීම් කියන දේවල්වලට මුහුණදෙන්න සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒ දේවල්වලට මුහුණදීම තුළින් තමයි ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මගේ ජීවිතයේ මුහුණදීමට වූ සෑම දෙයක්ම පාඩමකට අරගෙන දැන් මම මගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා.

උපුටා ගැනීම – ලක්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!