Gossip

“අපට මේ ගැන අහලා කරකියාගන්න දෙයක් නැතිවුණා – එයාගේ තාත්තා නැති වුනාට පස්සේ අපෙන් ඈත් වුණා” – ලොවම කැළඹූ නවසීලන්තයේ වෙඩික්කරුගේ මිත්තණිය කියපු කතාව

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි පසුගියදා ඇතිවූ වෙඩි තැබීමෙන් මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කිරීම මුළු ලෝකයේම අවධානය යොමුවූ කාරණයක් වුණා.

මෙම වෙඩි තැබීම සිදු කළ බ්‍රෙන්ටන් ටැරන්ට් මේවන විට නවසීලන්තයේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔහුගේ පවුලේ අය මියගිය සියලු දෙනා වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මේ වනවිට ටැරන්ට්ගේ මව හා නැගණිය ඕස්ට්‍රේලියානු පොලිස් ආරක්ෂාව යටතේ නිවසක රඳවා සිටින අතර ඔවුන්ට මාධ්‍ය ඉදිරියට ඒමට අවස්ථාවක් ලබාදී නැහැ.

එසේම තම පුත්‍රයා කළ ක්‍රියාව හෙළා දකින බව ටැරන්ට්ගේ සීයා හා මිත්තණිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

“අපට මේ ගැන අහලා කරකියාගන්න දෙයක් නැතිවුනා. හිතාගන්නවත් බෑ..සමාව හැර වෙන යමක් ඉල්ලන්න අපට හැකියාවක් නෑ… එයාගේ තාත්තා නැති වුනාට පස්සේ අපෙන් ඈත් වුණා. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. පවුල් පරිසරයෙන් ඔහු දාමරිකයෙක් වෙන්න හේතුවක් නැහැ..”

ඔහුගේ පියා වන Rodney 2010 වර්ෂයේ පිළිකා රෝගයකින් මිය ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. ඒ හේතුවෙන් Brenton Tarrant කනස්සල්ලෙන් බොහෝ කාලයක් පසුවූ බවත් ඉන් පසුව ඔහු පවුලෙන් මිදී තනි ජිවිතයක් ගත කළ බවත් පසුව ලෝකය වටේ සංචාරය කරමින් විනෝදයෙන් පසු වූ බවට පවුලේ පිරිස දැනගත් බවත් ඔහුගේ මිත්තණිය වන 81 හැවිරිදි ෆිට්ස්ජෙරල්ඩ් මහත්මිය පවසනවා. නමුත් ඒ ගැන සොයා බැලීමක් නොකළ බවත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!