Gossip

පෙම්වතිය බිරිඳ කරගත්තා – ඒක තමයි එයාට දුන්න උපන්දින තෑග්ග – ළඟදි බැන්ඳ ධනංජය විවාහය ගැන කිව්ව දේ

නවසීලන්තයේ පැවැත්වෙන ක‍්‍රිකට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය 3 වැනිදා පිටත් වුණා. එදින ශ්‍රී ලංකා කණ්ඩයමේ ධනංජය ද සිල්වා හට විශේෂිතම දවසක් වුණේ යුග දිවියට ඇතුළත් වීමයි. ඉතා චාමෙට එම විවාහ උත්සවය පැවැත්වීම තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද නැතුවම බැරි මේ සුපිරි තරුව තමාගේ මනාලිය ගැන සති අන්ත පුවත්පතක් සමග එක්වෙමින් කියා තිබුණේ මේ විදියට.

ධනංජය හදිසි විවාහයක් වගෙයි?
ඇත්තටම හදිසි විවාහයක් නොවෙයි. දෙසැම්බර් 1 වැනිදාට තමයි එයාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ. ඒ වෙනුවෙන් එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග විවාහය කියලා හිතුවා. ඉතින් ඊට පෙර ඉතා චාම් ලෙස අපි විවාහ උත්සවය ගත්තා.

ඇය ගැන විස්තර කිව්වොත්?
අපි දැන හඳුනාගෙන වසර 4 කට වඩා වැඩියි. අපේ අම්මලා සහ එයාගේ පවුලේ අය හඳුනනවා. අපේ ගෙදර ආ ගිය පවුලක්. ඒ දැන හඳුනා ගැනීම කාලයක සිට පැවතියා.

ඇයගෙ ගම?
ගාල්ල

ඇයගෙ නම කිව්වොත්?
සඳුනි නිසංසලා

විවාහයට දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් කළේ ප‍්‍රකට ක‍්‍රිකට් තරු යුගළක් නේද?
ඔව්. රංගන හේරත් අයියා සහ ලසිත් මාලිංග අයියා. ඒ වගේ ලෝක පූජිත දෙපළකගේ ආශිර්වාදය ලැබීමත් හරි වාසනාවක්.

ධනංජයට විවාහය කියන දේ දැන් දැනෙන්නේ කොහොමද?
දැන් වැඩිපුර වගකීමක් දැනෙනවා. වෙනදාට වඩා වගකීම් ඇතිව සැමියකු ලෙස කටයුතු කරන්න වෙනවා. මම ඒ වගකීම් බාර ගන්න කැමැතියි සහ ඉටු කිරීමට උන්නදු වී කටයුතු කරනවා.

මේ ඉක්මන් විවාහය ගැන ගෙදර අය මොනවද කියන්නේ?
මට දැන් අවුරුදු 27 ක්. ඉතින් විවාහයට සුදුසුම වයස කියලා තමයි හැමෝම කිව්වේ. තනිකඩව හිටියා ඇති කියලා හැමෝම කිව්වා.

වෙනත් යෝජනා ආවේ නැද්ද?
ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුට කොහොමටත් යෝජනා එනවනෙ. ඒත් අවුරුදු 4 ක් තිස්සේ මගේ හිතේ හිටියේ සඳුනි විතරයි.

ධනංජයට මේ අලුත් ජීවිතය දැනෙන්නේ කොහොමද?
ජීවිතය ගෙවෙන්නෙ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමගයි. සුපුරුදු පරිදි ක‍්‍රීඩාවේ නියැළෙන අතරේ ජීවිතයේ මුල් තැන බිරිඳට සහ පවුලට වගේම ගෙදරටයි.

ක‍්‍රිකට් හැර තවත් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
තවම ලොකු දේවල් ගැන හිතලා නැහැ. අපි අලුත් ගෙදරකට යන්න සූදානමින් සිටින්නේ. ඉතින් ඒ අලුත් ගෙදර අපි දෙන්නගෙ. අලුත් ජීවිතය අලුත් විදියට ආරම්භ කරන්න ඕනෑ. එය වගකීම් සහ යුතුකම්වලින් පිරි ජීවිතයක් කියලයි හැඟෙන්නේ.

ආදරය කියන දේ ධනංජය ප‍්‍රකාශ කරන්නේ කොහොමද?
එකිනෙකා අතර වූ පැහැදිලි අවබෝධය සහ තේරුම් ගැනීමයි.

ඇයි සඳුනි කෙරෙහි හිත ගියේ?
ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස බිරිඳගේ අවබෝධය හරි වැදගත්. මට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතා හොඳින් පවත්වාගෙන යන්න ඕනෑ වෙන්නේ ඒ අවබෝධයයි. මම ගත්ත නිවැරදිම තේරීමක් තමයි සඳුනි මගේ බිරිඳ කර ගැනීම. ඇය මම ක‍්‍රීඩා කරන තරග නරඹන්න එනවා. අඩු පාඩුකම් ඇත්නම් ඒ ගැන කියලා මාව උනන්දු කරවනවා.

සඳුනි නිසංසලා

සඳුනි ඇයි ධනංජය කෙරෙහි හිත ගියේ?
පොඩි කාලයේ ඉඳලාම වගේ අපේ පවුල් සබඳතාවය තිබුණා. නමුත් තරුණ වියේදී මේ වගේ ආදරයක් වේවි කියලා හිතුවෙ නැහැ. දෛවය අපි දෙන්නාව එක් කළා. එයා හරි හොඳ කෙනෙක්.

කුඩා කාලයේදී ධනංජය කොහොම කෙනෙක්ද?
එයාගේ පාඩුවෙ හිටපු කෙනෙක්. එයා ඇත්තටම හරිම හොඳ කෙනෙක්. හැමෝම එක්ක හිනා වෙලා කතා බහ කරලා ඉන්න කෙනෙක්. හරිම නිරහංකාර චරිතයක්.

වැඩියෙන්ම හිත ගියේ එයා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු නිසාද?
නැහැ. එයා මට ආදරෙයි කෙනෙකුට හිත යන්නේ ඒ නිසානෙ. එයාගේ ආදරේ මට දැනෙනවා.

සඳුනි වඩා දක්ෂ මොනවටද?
මම හිතන්නේ මම හොඳ ගෘහණියක් බිරිඳක් වේවි. ගෘහනියක ලෙස රසට කෑම ටික හදලා, ගෙදර ලස්සනට තියාගෙන සැමියාට ආදරයෙන් සලකන්න පුළුවනි. ඒ සරල බවට මම හරි ආසයි. මම හදන කෑම කන්න ධනංජය හරිම ආසයි.

ඔබගෙ නම සඳුනි වුණාට ධනංජය කතා කරන්නේ මැණික කියලා නේද?
ඔව්. එයා මට මැණික කියනවා.

එතකොට ඔබ එයාට කියන්නේ?
මාත් එයාට මැණික කියලා තමයි කියන්නේ.

සඳුනි ඉදිරිය ගැන හිතන්නේ කොහොමද?
ජීවිතේ ප‍්‍රශ්න එනවා. ඒවාට මුහුණ දීලා හරි දේ හරි විදියට කරලා ජීවිතය සුන්දරව ගෙවීම තමයි අරමුණ. මහා ලොකු දේවල් ගැන හිතන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!