අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී තමන් එතුමාව හමු වු බවට විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මෙහිදී සම්බන්දන් මහතා වෙන කිසිඳු තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතා හමුනොවූ බවද එතුමා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් සිදු නොවු බවද ඒ පිළිබඳ පළ වන ප්‍රකාශ අසත්‍යය බවද එතුමා එම නිවේදනයේ දැක්වෙනවා.