හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කිව්වම ඔයාලට මතක් වෙන්නේ පොලිටිකල් කතානේ. හැබැයි මේ කියන්න හදන්නේ එහෙම කතාවක් නෙමෙයි.
හිරුණිකා විවාහ වෙන්නේ හිරාන් යටෝවිට කියන ඉතාම කඩවසම් තරුණයා එක්කනේ. ඒ විවාහය බොහොම ජයට සිදු වුණා. ඊටත් පස්සේ හිරුණිකා වගේම හිරාන්වත් අම්මලා තාත්තලා බවට පත් කරලා මේ පුංචි පවුලට චූටි පුතෙක් එකතු වුණා.
මව් පදවියත් එක්ක හිරුණිකා පහුගිය කාලේ වැඩිය පේන්න හිටියෙත් නැහැ. කොහොම හරි දැන් හිරුණිකාගේ වැඩිම අවධානය යොමු වෙන්නේ පුතාටලු. අම්මා කියන භූමිකාව එක්ක හිරුණිකාට බිරිඳ කියන භූමිකාව අතහැරිලාලු. එහෙම එකක් මතකවත් නැති තරමට එයා පුතා එක්ක බැඳිලාලු.
දේශපාලන වැඩයි පුතාගේ වැඩයි මිසක ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතර තියෙන වගකීම් ගැන නම් හිතන්නෙවත් නැති තරම්ලු. හිරුණිකා මේ ගැන හිරාන්වත් දැනුවත් කරලා තියෙන්නේ.
අම්මා කෙනෙක් වෙන එක ඒ තරම් පහසු නැහැ. ඒක මුළු ශරීරයෙන්ම වගේම මනසිනුත් කරන කැප කිරීමක්. පුංචි පැටියෙක්ට පුළුවන් මේ වගේ වෙනසක් කරන්න. හිරුණිකා මේ කියන්නේ අම්මා තාත්තා කියන වගකීම ආවට පස්සේ එයාලට සැමියා බිරිඳ කියන හැඟීමත් අමතක වෙනවා කියලා. හිරාන්,හිරුණිකා සහ චූටි පුතාට අපි සුබපතනවා, හැමදම ඔය විදියටම සතුටින් ඉන්න කියලා.
උපුටා ගැනීමකි