Gossip

“මම ඒ වගේ තිරිසන් වැඩ කරන්නේ නෑ සර්.. මම කියන දේ අහන්නකෝ සර්ලා. මෝඩ වෙන්න එපා ඇවිත් යන්න නේද කිව්වේ” – ගිනි අවියක් අත තියාගෙන තෙබුවන පොලිස් සැරයන් අල්ලපු අඩව්ව මෙන්න

ගිනි අවියක් අතැතිව තෙබුවන ප්‍රදේශයේදී කළහකාරී ලෙස හැසිරුණු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසනවා.

තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා ඉකුත් 29 වැනිදා රාත්‍රියේ වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට පසු දින තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ ලොරි රථය නිදහස් කර තිබුණේ ඊට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවට පවසමින්.

ඊට විරෝධය පළ කරමින් අද(03) දහවල් 12 ට පමණ මෙම පොලිස් සැරයන්වරයා ටි.56 ගිනි අවියක්ද රැගෙන තෙබුවන මංසන්ධියට පැමිණ තිබේ.

එහිදි තත්ත්වය පාලනය කිරීමට කලුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා, දොඩංගොඩ හා වරකාගොඩ පොලිස් ස්ථානාධිපතිවරු මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට කැඳවා තිබුණි.

එමෙන්ම අදාළ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන්ද පැමිණ මෙය නවතා දමන ලෙසට ඔහුගෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් පැය 2 කට පමණ පසු පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර එහිදි සැරයන්වරයා අත තිබු ගිණිඅවියද ක්‍රියාත්මක විය.

අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගැණුනු අතර මොහු යුද සමයේදි මාස 6ක පමණ කාලයක් එල්.ටී.ටී.ඊ අත්අඩංගුවේ සිට නිදහස් වුවෙකු බවද පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!