Gossip

පෙම්වතියගේ මාස්ටර් ප්ලෑන් එක පෙම්වතා ක්‍රියාත්මක කරලා – ගිනි අවි පෙන්වා පැහැරගත් තරුණියගේ පලහිලව්ව ලැඟුම්හලේදී මාට්ටු – Photos

අම්බලන්තොට වලෙවත්ත කොට බෝගහ අසල පදිංචිව සිටි වයස අවුරුදු 17 ක පමණ තරුණියක් ඊයේ (02) අළුයම නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා.
එම තරුණිය පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව තිස්සමහාරාම ප්‍රෙද්ශයේ ලැගුම්හලක සිටියදී හමුවී තිබෙනවා.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ එම්.පි නිපුනි වත්සානි නමැති තරුණියක වන අතර හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටියා.
පැහැර ගැනීමට පැමිණි පිරිස නිවසේ ඉදිරිපස දොර කඩා ගෙන ඇවිත් පසුව අදාළ තරිනිය නිදාසිටි කාමරයට පැමිණ එම කාමරයේ දොරද කඩා දමා එයට වෙඩි පහරක් ද එල්ල කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැහැර ගැනීමට ලක් වු තරුණියගේ පියා වන වසන්ත මුතුමාල මහතා කියා සිටියේ ඊයේ අලුයම 2.30 ට පමණ මෙය සිදු වු බවත්, වෙඩි හඬක් ඇසී කාමරයෙන් එළියට එන විට තුවක්කුව අතේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඔහුගේ හිසට පිස්තෝලය තබා බිය ගැන්වූ බවයි.
පසුව වැඩිමහල් දියණියගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර පොඩි දුව රැගෙන පළා ගිය බව ද ඔහු පැවසුවා.
කෙසේ නමුත් මේ වන විට සිදුකර ඇති පොලිස් විමර්ශන වලට අනුව අදාල තරුණියගේ පෙම්වතා තම මිතුරන් සමඟ පැමිණ මෙම පැහැරගැනීම සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. වසර ගණනාවක සිට මෙම තරුණිය අදාල තරුණයා සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇති අතර එයට තම දෙමාපියන් විරුද්ද වීම නිසා තම පෙම්වතා සමඟ පැනයාමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව අදාල තරුණිය විසින් තම පෙම්වතාට දුරකතනයෙන් කතා කර තමන්ව රැගෙන යන ලෙස ඉල්ලා ඇති අතර රාත්‍රී කාලයේ තම දියණිය නිවසේ දොර ඇරීමට උත්සාහ කර ඇති අතර දෙමාපියන් විසින් ඊට ඉඩ ලබා දී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!