Gossip

ජීවිතේ ඇතුළතින් වගේම පිටතිනුත් මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා – අමිල පෙරේරා කාලෙකට පස්සේ කිව්ව කතාව

අමිල පෙරේරා කියන්නේ ගැඹුරු කටහඬකට උරුමකම් කියූ දක්ෂ ගායකයෙක්. අමිල සිනමා පසුබිම් ගීතය තුළ වගේම ටෙලි නාට්‍යය තේමා ගී ගායනය තුළිනුත් ක්‍ෂේත්‍රයේ නමක් ගොඩනගාගත් අයෙකු වුවත් මෑත කාලයේනම් අමිලගේ දක්ෂතාවයන් දැකගන්නට හැකිවුණේ නෑ. ඉතින් මේ නිහඬබව මොකද්ද කියලා ඔහු පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

අමිල මොනවද මේ දවස්වල කරන්නේ?
මම මේ දවස්වල නම් ඉන්නේ මහනුවර මැණික්දිවෙල තියෙන අපේ මහ ගෙදර. තාත්තාගේ දානේ කටයුතුවලට සූදානම් වෙනවා.

මෑත කාලයේ අමිලගේ නිහැඩියාවක් දකින්නට ලැබුණා. ඇයි ඒ?
කලින් කරපු චිත්‍රපට හා ටෙලි නාට්‍යය ගීත ඉදිරියේදී ඒවි. නමුත් මගේම ගීතයක් නම් අලුතින් කළේ නැහැ. චිත්‍රපට හා ටෙලි නාට්‍යය සඳහා ලැබෙන ආරාධනා අනුව ගී ගැයුවා. ඒ හින්දා තමයි පහුගිය කා‍ලේ ‍පොඩි නිහැඩියාවක් ඇති වුණේ. ඔය අතරේ අමරසිරි පීරිස් මහතා සහ මම එක්වෙලා ප්‍රසංගයක් කරන්න සැලසුම් කරගෙන හිටියා. ඒ සඳහා දින පවා වෙන් කරලා තිබුණා. ඒ අතරේ තමයි තාත්තාගේ අභාවය සිදුවුණේ. ඒ හින්දා ඒ කටයුත්තත් ටික දවසකට කල් ගියා.

නිහැඩියාව බිඳිමින් අලුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?
ලොකු දෙයක් කරන්න අදහසක් තියෙනවා. රියැලටි තරඟයේදී මාත් සමග තරග බිමේ හිටපු මොහාන් දර්ශනයි මමයි එකතුවෙලා කරන අලුත්ම විදියේ වැඩක් තමයි ඒක. මොහාන් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

අමිලත් කාලයක් විදෙස් ගත වෙලා හිටියා නේද?
ඔව්. මමයි බිරිඳයි හිටියේ එංගලන්තයේ. අපි 2012 දී ලංකාවට ආවා. ඉන්පසු කීප වරක්ම එහි ගිහින් ආවා. ඒත් ස්ථිරවම එංගලන්තයේ පදිංචි වෙන්න මගේ අදහසක් නැහැ.

අමිලගේ කාලෙට වඩා අද වන විට සංගීතයත් වෙනස් වෙලා. සංගීත ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් අය එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
අද තාක්ෂණයත් එක්ක Facebook වගේම youtube හරහාත් ඇතැමුන් තමන්ගේ ගායන හැකියාවන් පෙන්වනවා. මම නම් එහි වරදක් දකින්නේ නැහැ. අපෙන් පසු පරපුරේ ගායක ගායිකාවන් අතර විතරක් ‍නෙවෙයි, මේ විදියට Facebook, youtube අතර දස්කම් පෙන්වන අය අතරත් ගායන කුසලතා ඇති අය මම නම් දකිනවා. හැබැයි ඒ අය ක්ෂේත්‍රයේ තමන්ගේ පැවැත්ම දිගටම ගොඩනගා ගන්නවා නම් හොඳයි.

අමිල දැන් තාත්තා කෙනෙක්. ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
අපි විවාහ වෙලා අවුරුදු නවයකට පස්සේ තමයි දුව ඉපදුනේ. දැන් එයාට අවුරුදු 3යි. හරිම හුරතල්. සිංදු අහන්න, සිංදු කෑලි කියන්න හරි ආසයි. මගේ බිරිඳ නියොමිගෙයි මගෙයි මුළු කාලයම දැන් කැප වෙලා තියෙන්නේ අපේ පුංචි ප්‍රියානා වෙනුවෙන්. දරුවෙක් ලැබුණාම ජීවිතේ වෙනස් වෙනවා කියන්නේ ඇත්ත. මමත් දුව හින්දා ගොඩක් වෙනස් වුණා.

අමිල දැන් විලාසිතාවලින් පවා වෙනස් වෙලා?
(හිනැහී) ඔව්. ජීවිතේ ඇතුළතින් වගේම පිටතිනුත් මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!