Gossip

මාරක රිය අනතුරක් කරපු දොස්තර නෝනා මත්පැන් බිව්වා කියලා සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දි රෝහලෙන් අසත්‍ය වාර්තා

පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා. ඒ විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් සිට අපරීක්ෂාකාරී අන්දමින් පැදවූ සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් අනතුරුවයි.

එහෙත් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අනුව ඇය බීමතින් සිට නැති බවටද වාර්තාවක් නිකුත් වුණා.

කෙසේවෙතත් මෙලෙස පළ කළ වාර්තාව අසත්‍ය බවත් මේ ගැන ඔවුන්ට සිය අප්‍රසාදය පළ කරන බවත් ඥාතීන් පවසා තිබෙනවා.

පොලිසිය අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බවට සනාථ වී ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇතැයි ද එම ඥතීහු සඳහන් කර තිබෙනවා.

පසුගිය 30 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ තිබුණේ බම්බලපිටිය පොලිස්‌ ක්‌ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කළ එසේම ප්‍රසිද්ධ බොක්‌සිං උපදේශකවරයකු ද වූ අජන්ත ගාමිණී (51) නමැති පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්. තිදරු පියකු ද වූ ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවකු ද වනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍යවරියක වන ටිරානි කාවින්ද්‍යා (39), රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරියක බවත් ඇය මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇතත් ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබනවා.

අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත් ඇය රෝහල්ගතව සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරගත නොවී කෙලින්ම 09 වැනිදා උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් බව රෝහල් ප්‍රකාශකයෙක්‌ සඳහන් කළා.

මීට අමතරව මෙම වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්‌ථාවේ බීමතින් සිට නැතැයි වෛද්‍යවරුන් විසින් සනාථ කිරීමට හේතුව එම සැකකාර වෛද්‍යවරියගේ දෙමාපියන් කළුබෝවිල රෝහලේ මීට පෙර සේවය කර තිබීම බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරිය අධික ලෙස බීමතින් රිය පදවා ඇති බවට තහවුරු වී ඇති බවට සඳහන් වාර්තාවක්‌ අධිකරණයට භාරදුන් බව බොරලැස්‌ගමුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළා.

මීට අමතරව මෙම වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ද කටඋත්තරයක්‌ ලබාගත් බවත් මෙම වෛද්‍යවරිය සමාජ ශාලාවේදී මත්පැන් පානය කළ බවට ඔහු කටඋත්තරයක්‌ ලබාදුන් බවත් එම නිලධාරියා කියා සිටියා.

වෛද්‍යවරිය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකළ විට ඔහු වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම වෛද්‍යවරිය බීමතින් සිට නැති බවයි.

ඇය වෛද්‍ය ක්‌ෂේත්‍රයේම කෙනකු නිසා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් සාවද්‍ය වාර්තාවක්‌ ලබා දෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් එවැනි දෙයක්‌ පොලිසිය අතින් සිදුවූවේ නම් වෛද්‍යවරුන්ගේ තීරණය මීට වඩා දරුණු විය හැකි බවත් එම නිලධාරියා කියා සිටියා.

කෙසේ වෙතත් මෙම සියලු වාර්තා ලබන 9 වැනිදා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරෙනවා.

සැකකාර වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී රථය ධාවනය කරද්දී එය අනෙක්‌ දිශාවෙන් පැමිණි පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිවම දක්‌නට ඇතැයි ද පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!