Gossip

මං ලොකු මිනිහෙක් නෙවෙයි – එ් මං සාධාරණව ජීවත්වෙන හින්දා – ඊයෙත් උසාවි ගිහින් 14500ක් දුන්නා – මගේ දවස් 15ක පඩි කැපුවා -රටම කැළඹූ පොලිස් නිළධාරියාගේ නොඇසුණු කතාව

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු ඊයේ රාත්‍රියේ මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම මොහුගේ මානසික තත්වය පරීක්ෂා කිරීම සඳහා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී අවසර ලබාදී තිබෙනවා.

නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බව පවසමිනුයි මොහු ඊයේ තෙඹුවන නගරයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ.

සනත් ගුණවර්ධන නමැති මෙම සැරයන්වරයාට අදාළ වැලි ප්‍රවාහනය කළ රථයේ හිමිකරු ඉදිරියේ පොලිස් ස්ථානාධිපතිවරයා බැන වැදී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ එම සැරයන්වරයා පැවසූ දේවල්වලින් කිහිපයක්.

මං තීන්දු තීරණ ගන්න පසුබසින්නේ පැකිලෙන්නේ නෑ කිසිම වෙලාවකවත්. මං ලොකු මිනිහෙක් නෙවෙයි. එ් මං සාධාරණව ජීවත්වෙන හින්දා. වැලි එක ගිහින් දාන්න කියන්න උසාවියට. ගිහින් දැම්මට පස්සේ මගේ තීරණය මං ගන්නම්. මේකේ මේ තවත් වැලි ගොඩදාන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මෙහෙම බලපත්‍ර නැතිව යන්න පුළුවන්නම් අපිව පාරට දාන්න ඕන නෑනේ ඩියුටිවලට. උසස් නිළධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කරලා අවුරුදු 25ක් තිස්සේ අපි දුක් විඳිනවා. ඊයෙත් උසාවි ගිහින් 14500ක් දුන්නා. දන්නවානේ සර් සිද්ධිය. එහෙම මානසික මට්ටමක අපි ඉන්නේ සර්. මගේ දවස් 15ක පඩිය කැපුවා. කියන්න ඕන හැමතැනකටම කිව්වා සර්. උසාවි දාලා කොලේ අරන් එන්න කියන්න සර් මං එන්නම්..
මං කියන දේ අහන්නකෝ සර්ලා.. මං වැරැද්දක් කරන්නේ නෑනේ. මට මෙහෙම පාඩුවේ ඉන්න දෙන්නකෝ. මං මේ වෙලාවේ කවුරුවත් කියන දේ අහන්නේ නෑ. මගේ මානසික මට්ටම හොඳ නෑ සර්. මට ඒ තරම් හිරිහැර කළා සර් මේ දවස් දෙක තුනේ.
මට වෙච්ච අසාධාරණය කියන්න මං මානව හිමිකම් ගියා. පොලිස් කොමිසමට ගියා. ඒත් වැඩක් වුනේ නෑනේ සර්. මානව හිමිකම් ගියාට පස්සේ ඊට එහා දෙයක් තියෙනවාද?

කෙසේවෙතත් මෙහි ඇත්ත නැත්ත සොයා බලා වාර්තා කිරීම සැමගේම වගකීමක්. නිළධාරීන් අල්ලස් ගෙන මෙවැනි දේවල් යටගසන බව බොහෝ දෙනා පවසන කරුණක්. එහෙත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිළධාරීන් සිටින්නේනම් මේ රටේ මෙතරම් අපරාධ වැඩි වන්නේ නැත. නීතිය අනෙක් සියල්ලටම වඩා උසස් විය යුතුය. මෙම පොලිස් සැරයන්වරයාට ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද? වෙබ් ගොසිප් අවධානයෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!