Gossip

රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු තවම තීරණයක් නෑ – අසත්‍ය ඡායාරූපවලට නොරැවටෙන ලෙස ඉල්ලීමක්

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු පිළිබඳව තවම තීරණය කොට නොමැති බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පවසනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමිනුයි.

රොනී ලීච් මහතාගේ දේහය තවම ලංකාවට ගෙන නොමැති බවත් ඕස්ට්‍රේලියාවේදී මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් ඔහු පවසා තිබෙනවා.

තවද රොනී ලීච් මහතා මියගිය පසු තවම දේහයේ ඡායාරූප කිසිවක් ලබා ගෙන නොමැති බවත් අසත්‍ය ඡායාරූප වලට නොරැවටෙන ලෙසත් කීර්ති පැස්කුවෙල් මහතා ඉල්ලා සිටිනවා.

මේ ඔහු දැමූ සටහනයි.

රොනී ලීච් මහතාගේ අවමඟුල් කටයුතු…

ඕස්ට්‍රේලියාවේ නීති රීති වලට අනුව මරණ පරීක්ෂන කටයුතු සිදුකිරීමට තව දුරටත් කාලය ගතවනු ඇතිබව අපට දැනගන්නට ලැබුනා.
එම කටයුතු අවසන් කලාට පසු දේහය ලංකාවට රැගෙන ඒමට පෙර තවත් සහතික දෙකක්ද ගතයුතු වන අතර දේහය දිවයිනට ගෙන ආ හැකි නිශ්ෂිත දිනයක් දැනට කිව නොහැකි බව සියලු මාධ්‍ය ආයතන වලටත් ආදරණීය රසිකයින්ටත් කරැණාවෙන් දන්වා සිටිනවා.
ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත්, පර්ත් නගරයේ කොන්සියුලේට් කාර්යාලයත් මගින් එම කටයුතු හැකිතරම් ඉක්මන් කරදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර එම කටයුතු අවසන් වූ වහාම දේහය ලංකාවට එවීමේ වැඩපිළිවෙල මෙම ආයතන විසින් සූදානම් කොට තිබෙනවා. මෙම කටයුතු සඳහා එම මහතුන් දරන දැඩි කැපවීම අප ඉතා අගයකොට සලකනවා.
රොනීගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට යන සියලු වියදම් අතිගරැ ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ලබනවා.
ගරැ ජනධිපතිතුමනි ඔබටත් බෙහෙවින්ම ස්තූතියි. මේ අතර
ඔස්ට්‍රේලියාවේ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ එහි පදිචි වී සිටින අපේ ලාංකිකයිද මේ කටයුතු වෙනුවෙන් දක්වන සහයෝගයද අප ඉතා අගයකොට සලකනවා.

තවද රොනී මියගිය අවස්ථාවේ සිට මේ දක්වා කිසිදු ඡායාරෑපයක් ලබා ගෙන නොමැති අතර අන්තර්ජාලයේ පලවන අසත්‍ය ඡායාරෑප වලට සහ අසත්‍ය විස්තර වලට නොරැවටෙන ලෙස කරැණාවෙන් ඉල්ලා සිටිනවා. බාල ප්‍රචාරයක් ලබාගැනීමේ අරමුනෙන් එවැනි බාල දේ නොකරන ලෙසත් කරැණාවෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය මේ සියලු කටයුතු පිලිබඳව නිරතුරැවම ඇප කැපවී අපගේ යුතුකම් කොටස ඉටුකරන බවත්,
මා දැනට මසක කාලයක් ප්‍රසංග කීපයක් සඳහා ඇමරිකාවට පැමින සිටියත් මෙහි සිට මගේ යුතුකම් කොටස සිදුකරමින් සිටින අතර මගේ සංගමයේ අනිකුත් නිලධාරීන් විසින් සියලු අනිකුත් සංවිධාන කටයුතු කරනු ලබනවා.

ඉතින් ආදරණීය රොනී…
ඔබ එනතුරැ මුලු ලංකාවම බලාගෙන ඉන්නවා. තවත් පමා නොවී ඉක්මනට එන්න….
අපි ඔයාට ගොඩාක් ආදරෙයි..

කීර්ති පැස්කුවල්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!