හිනිදුම ප්‍රදේශයේ අයකු විසින් බාලවයස්කාර දැරියක දූෂණය කොට වසර 12 ක් තිස්සේ සැඟවී සිටියදී 18 දා පස්වරුවේදී සැකකරු ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එක්දරු පියෙක් වන අතර හිනිදුම ප්රදේශයේදීයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එවකට 13 හැවිරිදි වියේ පසුවූ මෙම දැරිය සැකකාර පුද්ගලයා විසින් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් දූෂණය කොට ඇති බව ද පොලිසිය සඳහන් කළා.
පසුව මොහු එම දැරිය සමග වසරක පමණ කාලයක් එකට ජීවත් වී ඇති අතර පසුව මෙම දැරිය වෙනත් පුද්ගලයකුට භාරදී මොහු පලා ගොස් ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
දැරිය මොරවක ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකරු පසුව වෙනත් කාන්තාවක සමග විවාහ වී ඇති අතර මොහුට දාව වයස අවුරුදු 05 ක දරුවකු සිටින බවයි වාර්තා වන්නේ.
මොහු සිය නිවස තුළ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.