මනාල යුවළ මෝටර් රථයෙන් නිවස ආසන්නයට පැමිණෙද්දී මනාලයාගේ මිතුරන් විසින් කරන ලද ඉල්ලීම පරිදි මනාලිය අත් කරත්තයක නංවා මනාලයා විසින් තල්ලු කරගෙන නිවසට කැඳවාගෙන යන අවස්ථාවේ මාර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම දර්ශනය නැරඹීම නිසා කෝපයට පත්ව ඔවුන්ට පහරදී තුවාල කළැයි ලද පැමිණිල්ලක් මත මනාලයා සහ දෙවැනි මනාලයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ගන්දර පොලිසියෙන් වාර්තා වෙයි.
මෙහිදී මෝටර් රථයේ සිටි පියා, මව හා පුතෙකුට පහරදී ඇති අතර මව සුළු තුවාල ලබා ඇති බවත් පියා හා පුතා ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. තලල්ල ප්රදේශයේ පදිංචි සැකකරුවන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.