Gossip

වෙඩින් එක දවසේ දුන්න රැග් එකක් දුරදිග ගොස් මනාලයා සහ දෙවන මනාලයා හිරේට

මනාල යුවළ මෝටර් රථයෙන් නිවස ආසන්නයට පැමිණෙද්දී මනාලයාගේ මිතුරන් විසින් කරන ලද ඉල්ලීම පරිදි මනාලිය අත් කරත්තයක නංවා මනාලයා විසින් තල්ලු කරගෙන නිවසට කැඳවාගෙන යන අවස්‌ථාවේ මාර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක්‌ එම දර්ශනය නැරඹීම නිසා කෝපයට පත්ව ඔවුන්ට පහරදී තුවාල කළැයි ලද පැමිණිල්ලක්‌ මත මනාලයා සහ දෙවැනි මනාලයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්‌ ගන්දර පොලිසියෙන් වාර්තා වෙයි.

මෙහිදී මෝටර් රථයේ සිටි පියා, මව හා පුතෙකුට පහරදී ඇති අතර මව සුළු තුවාල ලබා ඇති බවත් පියා හා පුතා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. තලල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!