Gossip

දහස් ගණනක් රසිකයන් පිනවූ මධූ මියයයි

ප්‍රවීණ චිත්‍රශිල්පී බලන්ගොඩ සරත් මධූ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසූව දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ”ඉතිං ඊට පස්‌සෙ”, ”යුනිකෝ” වැනි චිත්‍ර කතා නිර්මාණය කරමින් මෙරට චිත්‍ර කතා පාඨකයන් අතර ඔහු ජනාදරයට පත්වුණා.

දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස කටයුතු කළ බලංගොඩ සරත් මධූ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චිත්‍රකතා ශීල්පීන් අතර පෙරමුණේ පසුවිණා.

මිය යන විට 69 වන වියේ පසුවු සරත් මධූ දෙදරු පියෙකි.

වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකු වූ සරත් මධු ගුරු වෘත්තීයේ සිටියදීම සතුට චිත්‍රකතා පුවත් පතට සම්බන්ධ වී තිබෙනවා.

ගුරු වෘත්තීයෙන් සමු ගැනීමෙන් පසු පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ සරත් මධු ඉන්පසු සිත්තර , සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවය කර තිබෙනවා.

දේහය මහරගම ,පරණ පාර, නාවින්න ,නාමල් උයන 154/8 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සඳුදා (20) පස්වරු 3.00ට නුගේගොඩ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!