අපිට වටින දෙයක් නැතිවුණාම කොච්චරනම් පසුතැවෙනවාද? කොච්චරනම් ඒ ගැන හිතනවාද?
අපි මේ කියන්න යන කතාව අපේ රටේදී විදේශික ජාතිකයෙක්ට වුණ වැඩක්.
ඒ චීන ජාතිකයෙක්ගේ ලැප් එකක් ත්රීවීල් රථයකදී අමතක වෙලා තියෙනවා. ඔහු වැඩකරන කාර්යාලයේත් වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබිලා තියෙනවා. ඒ නිසා රැකියාව පවා අවදානම් තත්වෙක කියලා තමයි ඔහු කිව්වේ.
ඉතින් මේ විදේශික ජාතිකයා කොළඹ ගංගාරාමය ළඟ පසුගිය දවසක බෝඩ් එකකුත් අල්ලගෙන හිටියා.
මේ ඡායාරූපය සමාජජාල මාධ්යයන්වලත් පැතිරෙන්න ගත්තා.
මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. මේ ඡායාරූප හැමතැනම හුවමාරු වෙද්දි ත්රීවිල් රියදුරාත් ඒක දැකලා මේ විදේශිකයාට දුරකථනයෙන් කතා කරලා තිබුණා.
පස්සේ දෙන්නම හම්බවෙලා අන්තිමේදි විදේශිකයාට ලැප්එක භාරදීලා තියෙනවා.
ඒ සතුටට විදේශිකයා අපේ ත්රීවිල් රියදුරාට රුපියල් 30,000ක මුදලක් තෑගි කළා.
ඒ වගේම ඔහුට ලැප් එක හොයාගන්න උදව් කරපු ලංකාවේ හැමෝමට ඔහු ස්තූති වන්ත වුණා.