ජනප්රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සිදු කෙරෙනවා.
එමෙන්ම ඉන්දික මියයාමට පෙර ශ්රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සිය ඇස් ද දන්දී තිබෙන බවට වාර්තා වනවා.
මේ නිසා එයට උපහාර පිණිස ඉන්දිකගේ දේහය අසල පත්රිකාවක්ද තබා තිබෙනවා.
එමෙන්ම කලාකරුවන් බොහොමයකුත් ඉන්දිකගේ දේහය වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට ගොස් තිබෙනවා.
