Gossip

බිරිඳගෙන් වෙන්වෙලා විවාහ වෙනවා කියලත් පොරොන්දු වෙලා – බිරිඳ නැති දවසක දැරිය නිවසට ගෙන්වගෙන -මොනරාගල සල්ලාල ගුරුවරුන්ගේ තවත් තොරතුරු මෙන්න

මොනරාගල ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කරන ඉතිහාස ගුරුවරයෙකු සහ තාක්ෂණවේදය විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් අප ඔබට වාර්තා කළා.

ඒ, ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු උසස් පෙළ හදාරන දැරියක් තම නිවසට ගෙන්වා ගොස්‌ ලිංගික අතවර කර පසුව තාක්ෂණවේදය උගන්වන ඔහුගේ මිතුරෙකුට භාරදී ලිංගික අතවර කිරීමට ඉඩ ලබාදී එම දර්ශන අන්තර් ජාලයට එක්කිරීමත් සමගයි.

ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා විසින් අදාළ දැරිය අවුරුදු පහකට පසුව බිරිඳගෙන් වෙන්වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරිය නිවසට කැඳවාගෙන ගොස්‌ අවස්‌ථා කීපයකදී ලිංගිකව හැසිරී තිබෙනවා.

තාක්ෂණවේදය උගන්වන ගුරුවරයාද එම දැරිය හඳුනාගෙන මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට ගොස් ලිංගික අතවර කර එම දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

කෙසේවෙතත් මේවන විට අතවරයට ලක්‌වූ දැරියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පට කීපයක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගුරුවරුන් දෙදෙනා තම උපකාරක පන්තිවලට පැමිණෙන දැරියන් විශාල පිරිසක්‌ ලිංගික අතවරවලට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය අඛණ්‌ඩව පරීක්‍ෂණ සිදුකරගෙන යනබවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!