Gossip

යාපනයේ අත්භූත බලවේගයක්? නිවසක් කුඩු පට්ටම් වෙයි

යාපනය අච්චුවේලි පොලිසියේ නිලධාරීන් හා එම පොලිස්‌ වසමේ එක්‌ නිවසක පිරිසක්‌ අතර විසඳා ගත නොහැකි මතභේදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබෙනවා.

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ එක්‌ නිවසකට රාත්‍රි 10.30 ට පමණ පැමිණි කිසිවකු විසින් හෝ කණ්‌ඩායමක්‌ විසින් ඒ නිවසේ බඩු බාහිරාදිය කුඩුපට්‌ටම් කොට යතුරුපැදියකට ද අලාභ හානි කර තිබෙනවා.

මේ පිළිබඳව උදැසන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි නිවසේ උදවිය කියා සිටින්නේ කිසියම් අද්භූත බලවේගයක්‌ විසින් මිස සාමාන්‍ය මනුෂ්‍යයකුට මෙවැනි විනාශයක්‌ කළ නොහැකි බවයි.

තවමත් එම අමනුෂ්‍ය බලවේගය නිවසේ සිටින බව විශ්වාස බැවින් නිවෙස්‌ හිමියන් නිවසට යැමට බියක්‌ද දක්වන බවයි වාර්තා වන්නේ.

අච්චුවේලි පොලිසියේ නිලධාරීන් නිවෙස්‌ හිමියන්ට පවසා ඇත්තේ එවැනි අද්භූත බලවේගයන් නොමැති නිසා නිවසට පැමිණි පිරිස සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට නිවසට යන ලෙසයි.

රාත්‍රියේ ඇතිවූ මේ සිද්ධියෙන් පසුව නිවසේ උදවිය නිවසින් පිටව ගොස්‌ පහන් වන තුරු කාලය ගතකොට ඇත්තේ ඊට දුරින් පිහිටි හිතවතෙකුගේ නිවසේ බවටයි පැවසෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!