Gossip

සැමියා වුණහම ගොඩක් වෙනස් – එයා ගෑනු ළමයෙක්ට හිතින් ආදරය කරලා තියෙනවා – ධනංජය ගැන නොදන්න දේවල් බිරිඳ හෙළි කරයි

පෙම්වතා කාලේ ධනංජය
එයාව මුලින්ම හම්බවෙනකොට හරි ආඩම්බරයි. ඒ දවස්වල මම හිතුවේ ධනංජය හරි නපුරු කෙනෙක් කියලා. හැබැයි මම දැනගෙන හිටියා ධනංජය මගෙන් කැමැතිද කියලා අහයි කියලා. අපි අවුරුදු අටක් ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ.

සැමියෙක් විදියට
පෙම්වතා විදියට හිටපු කාලේට වඩා සැමියා වුණහම ගොඩක් වෙනස්. කාලයත් එක්ක අපි දෙන්නම වෙනස් වෙනවා. පෙම්වතාට වඩා සැමියා ගොඩක් හොඳයි. හොඳ ස්වාමිපුරුෂයෙක් මට ලැබිලා තියෙන්නේ.

ධනංජයගේ පළමු පෙම්වතිය ගැනදන්නවද?
මම තමයි පළමු පෙම්වතිය. හැබැයි එයා ඉස්කෝලේ යන කාලෙදී ගෑනු ළමයෙක්ට හිතින් ආදරය කරලා තියෙනවා.

ධනංජයට ගැළපෙනම නිළිය
උදාරි වර්ණකුලසූරිය, උපේක්‍ෂා ස්වර්ණමාලි එයාට ගැළපෙනවා කියලා හිතෙනවා.

ධනංජය වැඩිපුරම රඟපාන්න කැමැති නිළියෝ
ධනංජය ඕන කෙනෙක් එක්ක රඟපාන්න කැමැතියි. එයාගේ තියෙන විශේෂත්වයත් ඒක තමයි. අයිශ්වර්යා රායිට තමයි ධනංජය ගොඩක්ම කැමැති. හැබැයි ඉතින් අයිශ්වර්යා එක්ක රඟපාන්න වෙන්නේ නෑනේ කවදාවත්ම එයාට.

ධනංජයට තියෙන කාන්තා ආකර්ෂණය
කාන්තා ආකර්ෂණය නම් එයාට ගොඩාක් තියෙනවා. විවාහයෙන් පස්සේ ඒක වැඩි වුණාද මන්දා. ලස්සන නළුවෙක් නිසා ඉතින් කාන්තා ආකර්ෂණය තියෙනවා.

නිවෙසේ වැඩකටයුතුවලට දෙන සහාය
එයා ගෙදර ඉන්න වෙලාව ගොඩක් අඩුයි. හිටියොත් උදවු කරනවා. හැබැයි කුස්සියේ වැඩ නම් බෑ. පිරිසුදු කරන වැඩවලට තමයි උදවු කරන්නේ.

පවුලට දෙන අවධානය
ධනංජය තමයි පවුලේ බර දරලා වැඩ කරන්නේ. හැම වෙලාවේම පවුලේ වැඩ කටයුතු ගැන හොයලා බලලා වැඩ කරන්නේ එයා.

ධනංජයට සතුටක් දැනුණාම මොකද කරන්නේ?
සතුටු දෙයක් වුණහම මට ඇවිල්ලා කියනවා. 2005දී ධනංජයට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණු වෙලාවේ ඊළඟ දවසේ උදේම මට ඒක ගෙනැල්ලා පෙන්නුවා. අදටත් මොකක් හරි සතුටු හිතෙන දෙයක් වුණහම මට ඇවිල්ලා කියනවා. සතුටු හිතෙන දේවල් ධනංජයගේ අම්මටත් කියනවා. එයා හරි ආදරෙයි අම්මට. සමහර වෙලාවට සතුටට මට තෑගි ගෙනැල්ලා දෙනවා. ඒවා ගෙදර කොහේ හරි හංගලා තියෙනවා. මම ඒවා හොයාගන්න ඕනේ.

දුකක් හිතුණම
දුකක් හිතුණම එයා කතා නොකර ඉන්නවා. ගොඩක් අඩුයි ඒ වෙලාවට කතා කරනවා. ඒක නිසා ධනංජය දුකෙන් ඉන්නේ කියලා දැනෙනවා.

තරහක් ආවම
දුක හිතුණම කරන එකේ අනෙක් පැත්ත තමයි ඒ වෙලාවට තියෙන්නේ. තරහ ගියාම වැඩිපුර කතා කරනවා.

ධනංජය කරන වැඩවලින් ඔබ අකැමැතිම දේ
වාහනය ඩ්‍රයිව් කරනකොට කේන්ති යනවා. මිනිස්සු කරන වැරදි එක්ක තමයි එහෙම කේන්ති ගන්නේ. මම කැමැති නෑ ධනංජය එහෙම තරහ ගන්නවට. හැබැයි ඉතිං මම ඩ්‍රයිව් කරනකොට ඊට හපන්. මට ඊට වඩා කේන්ති යනවා.

නිවාඩුවක් ලැබුණාම ධනංජය යන්න කැමැති තැන්
කොළඹින් පිට යන්න තමයි කැමැති. රිවස්ටන් යන්න කැමැතියි. හයිවේ එක ළඟ තියෙන නිසා ගොඩක් වෙලාවට ගාල්ලේ යනවා. රටින් පිට යනවා නම් රෝමයට යන්න ගොඩක් කැමැතියි.

ළඟම යාළුවෝ
ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ඉන්න යාළුවෝ කිහිප දෙනෙක්ව තමයි ළඟින්ම ආශ්‍රය කරන්නේ.

යාළුවෝ අතරේදී කොයි වගේ කෙනෙක්ද?
ධනංජය යාළුවොත් එක්ක එකතු වෙන්න හරි ආසයි. යාළුවොත් එයාට හරි ආදරෙයි. හරි ජොලියෙන් ඉන්නවා එයාලා එක්ක.

රංගනයට අමතරව ධනංජයට තිබෙන දක්‍ෂතා
ධනංජයට හොඳට ලියන්න පුළුවන්. ඒ හැකියාව එයාට අම්මගෙන් ආපු එකක්. කවි ලියන්න, සාහිත්‍ය කටයුතුවලට හොඳ දක්‍ෂතාවක් තියෙනවා. ලස්සනට චිත්‍ර අඳින්නත් පුළුවන්. ගිටාර් ප්ලේ කරනවා. ඒ වගේම තමයි ධනංජයට ඕන සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්.

ධනංජයට ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා?
එයාගේ අම්මා තමයි මුලින්ම එයාට වටින්නේ. ඊට පස්සේ වටින්නේ මාව.

අපි නොදන්න රහස්?
ධනංජය හරිම නිදහස් කෙනෙක්. වෙන රටකට ගියත් ගෙදර එන්න තමයි කැමැති. සමහර වෙලාවට සීරියස්. යාළුවෝ එක්ක ඉන්න හරි කැමැතියි. විනෝදෙන් ඉන්න කෙනෙක්.

උපුටා ගැනීමකි
උදාරා ඉන්දීවරි ජිනදාස

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!