Gossip

ලෝකෙම හිනැස්සූ මිස්ටර් බීන් මියයයි?

මිස්ටර් බීන් කියන්නේ ලෝකේ හැමෝම වගේ ආදරය කරන චරිතයක්.

ඉතින් මිස්ටර් බීන් එහෙමත් නැත්නම් Rowan Atkinson මිය ගියා කියලා ප්‍රසිද්ධ විදෙස් මාධ්‍යයක් (Fox) උණුසුම් පුවතක් ලෙස වාර්තා කර තිබෙනවා.

ඊට හේතුව ඔහු මිය ගියා කියලා බොරු ප්‍රවෘතියක් නිර්මාණය කිරීම නිසයි.

2017 වර්ශයේද ඔහු මිය ගිය බවට රාවයක් පැතිරුනා. එම රාවය පැතිරුණේ Fox මාධ්‍ය ආයතනය නමින් පෙනී හිටි වෙනත් පාර්ශවයක් විසින්. මෙවර මෙම පුවත වාර්තා කිරීමට හේතුව වී ඇත්තේ පුද්ගලයෙකු මිස්ටර් බීන් නමින් ෆේස් බුක් ගිණුමක් නිර්මාණය කර එම ගිණුමේ ඔහු මියගිය බවට වීඩියෝවක් සකස් කර පල කිරීමයි. එම වීඩියෝව නිසයි අදාළ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනය එය සොයා බැලීමකින් තොරව පල කර තිබෙන්නේ. එම ප්‍රවෘතිය සහිත වීඩියෝව ලෝකය පුරා විහිදිලා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් ඇත්තටම මිස්ටර් බින් මිය ගිහින් නැහැ. එම අසත්‍ය වාර්තාව සහිත වීඩියෝවේ ‘RIP 1955-2017’යන සිරස්තලය යොදා තිබෙනවා. ඒ වගේම ඔහු 17දා මිය ගියේ වාහන අනතුරකින් බවත් එම වීඩියෝවේ සදහන් කර තිබෙනවා.

කොහොම නමුත් 63 හැවිරිදි ඔහු එංගලන්තයේ තවමත් සුවයෙන් ජිවත් වෙනවා. ඔහුගේ 50 හැවිරිදි හිටපු බිරිදගෙන් දික්කසාද වෙන ඔහු පසුව ආදරේ කරන්නේ 32 හැවිරිදි රූමත් නිලියක් වූ Louise Ford සමගයි. ඇය සමග ඔහු සතුටින් හා විශ්‍රාම සුවයෙන් ජිවත් වෙන බවත් සදහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!