ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන්ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේ ගාල්ල ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි ඉවත් කිරීමකදී කිසියම් සිද්ධියක් ඇතිවේ යැයි පවතින සැකය මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.
ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කර පින්නදූව ප්‍රදේශයේ ඒ වෙනුවට නව ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට සූදානම් බව පැවසුවද, ඊට කිසිදු සූදානමක් නොමැති බව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පරිපාලන නිලධාරී, බස්නාහිර පළාත් ක්‍රීඩා සංගමයේ ලේකම් අනුර වීරසිංහ ප්‍රකාශ කළා.
එමෙන්ම, අද දිනයේ ගාලූ ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ දැනුම්දීමකින් තොරව එවැනි ක්‍රියාවක් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට නීතිමය අවසරයක්ද නොමැති බවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිදුකර ඇති ඉදිකිරීම් කිහිපයක් හේතුවෙන් ගාලූ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට යුනෙස්කෝ සංවිධානය පසුගියදා අනතුරු අඟවා තිබුණා.
කෙසේවෙතත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළකර තිබෙනවා.
ඔහු කියා සිටියේ මෙම තීරණය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින බවයි.