Gossip

මම හොඳට ෆිට් – ඉවත් කරන්න සාධාරණ හේතුවක් නැහැ – ලසිත් මාලිංග කට අරියි

2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි – 20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන සිටියා. ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානයේ සිටියා. එසේ සිටිද්දී තමයි නව තේරීම් කමිටුව මාව ඉවත් කළේ. මම තේරීම් කමිටුවෙන් මේ ගැන අසුවාම ඔවුන් ප්‍රකාශ කළේ කුඩා පරිමාණ තරගාවලිවලදී අලුත් ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා මාව ඉවත් කළා කියලයි. නමුත් ඔවුන් ඉතා වැදගත් තරගාවලියක් වූ නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියෙනුත් මාව ඉවත් කළා. නිදහස් කුසලාන තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මම වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා. මම දන්නේ නැහැ නිදහස් කුසලාන තරගාවලියෙන් මාව ඉවත් කරන්නට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණද කියලා” යනුවෙන් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමට කළ ආරාධනාව ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ මාලිංග තම ඉදිරි සැලසුම් පිළිබදව ද අදහස් දක්වමින් “අයි.පී.එල්. තරගාවලිය මැයි 26 දා නිමා වෙනවා. ඒ නිසා එළැඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේදී මාව කණ්ඩායමට තෝරාගත්තොත් මට පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරනවා. කෙසේ වෙතත් මම 2019 හා 2020 වර්ෂවල හොඳින් ක්‍රීඩා කරල රටට ජයග්‍රහණයක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මම හොද ශරීර සෞඛ්‍යයෙන් පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කරමින් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!