Gossip

සති 20කින් මෙලොව එළිය දුටු බිළිඳා මියගියත් සියල්ලෝම පුදුම කරමින් යළි උපදියි

විවාහ වුනාට පස්සේ ඒ යුවළගේ ඊළඟ බලාපොරොත්තුව නිරෝගිමත් දරුවෙක් බිහි කරන්න ලැබෙන එක.

Katie හා Josh Butler කියන්නේ මේ වගේ බලාපොරොත්තුවක් තිබ්බ යුවළක්.

විවාහ වී ටික කාලයක් ගිය පසුව 28 හැවිරිදි Katie මවක් වෙනවා.

මේ අතර ඇයට අසාමාන්‍ය වේදනාවක් ආ නිසා දරු කළලය නිරෝගිමත්ද බලන්න දිනක් ඇය අල්ට්‍රසවුඩ් පරීක්ෂණයක් සිදු කරනවා .

එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ දරු කළලයේ වෙනසක් තියෙනවා කියලා.

කොහොමවුනත් ඒ වෙද්දි දරු කලලයේ වයස සති 20යි.

වහාම මවගේ ජීවිතය බේරා ගැනීම සදහා දරුවාව සැත්කමකින් එලියට අරගන්නවා.

තරමක් විශාල ඇස් සහිත පුංචි පුතුගේ ශරීරය අත් පා ඉතාමත් පුංචියි.

ඉතින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මහත් වෙහෙසක් ගන්නවා. දරුවාව ස්නායු දැඩි සත්කාර ඒකකයට යොමු කරනවා. පුංචි පුතා ජිවත් වෙන්නේ කෘතීම ස්වසනය මගින්.

දින ගෙවෙද්දී හෙදියක් පැමිණ කියනවා දරුවා මිය ගිය බව. දෙමාපියන් වන Katie හා Josh Butler බලාපොරොත්තු විරහිතව රෝහලේ බලා සිටින්නේ දරුවාගේ නිසල දේහය රැගෙන යන්න. පවුලට එකතු වූ පළමු දරුවා අමතක කරන්නට ඔහු මිය ගිය බව හිතන්නට ඔවුන්ට පුළුවන්කමක් තිබුනේ නැහැ.

හිත ශක්තිමත් කරගෙන ඔවුන් දරුවා අසලට ගිහින් සුළු මොහොතකින් දෙමාපියන්ට දැකබලා ගන්නට ලැබුණේ දරුවාගේ හදවත ගැහෙන වේගයයි.
යලිත් ඒ හිත්වලට බලාපොරොත්තු ඉපදුනා. සියල්ලන් පුදුම කරමින් මිය ගියා කියූ දරුවාට යලිත් ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.

එතැන් සිට දින සති මාස ගෙවුණා. නමුත් පුංචි පුතා කෙමෙන් වර්ධනය වුණත් සාමාන්‍ය තත්වයට පත් වෙන්නේ නැහැ. මාස 11ක් රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවා සියල්ලන් පුදුම කරමින් දැන් ජිවත් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!