වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා රජයේ ප්‍රබල දේශපාලනඥයකු සහභාගී වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඊට අදාල හෝටලයේ සී.සී.ටී.වී.කැමරා දර්ශන පටිගත වී තිබුනද ඒවා මැකී ගොස් තිබෙන බව දැන ගන්නට ඇත.
පටිගත වූ එම දර්ශන මකා දැමුවේද එසේත් නොමැති නම් එම දර්ශන ගබඩා වී තිබෙන කාලය ඉකුත් වී ඇත්ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැති බවද පැවසේ.
අදාල දේශපාලනඥයා සාදයට සහභාගී වී පිටව ගොස් මිනිත්තු තිහකට පමණ පසුව මෙම ආරවුල ඇති වී තිබෙන බව කියති.
ඉකුත් 08 වැනිදා මෙම සිද්ධිය සිදු වී තිබූ අතර ඉන් දින පහකට පමණ පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.ඒ හිරිහැරයට පත් වූ විදේශීය සංචාරකයන් පොලීසියට ඊමේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මීට අමතරව මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා දේශපාලඥයින්ට අමතරව කොළඹ ප්‍රධාන පාතාල කල්ලි නායකයින් ද සහභාගි වී තිබෙන බවට තොරතුරු හෙලි වෙමින් තිබේ.
නෙදර්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර වැලිගම මිදිගමදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට අතින් පයින් හා පොලු වලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
(ලංකාදීප)