Gossip

ෆේස්බුක් අවසන් – ෆේස්බුක් ලොක්කා අත්අඩංගුවට?

පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය මාර්ක් සකර්බර්ග් වෙත දන්වා ඇත.තවමත් මාර්ක් සකර්බර්ග් සෙනෙට් මණ්ඩලය හමුවේ ඔහුගේ ප්‍රකාශය ලබා නොදීමට පැමිණ නැත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින නිසාවෙන් බව වාර්තා වේ.

ෆේස්බුක් සමාගම තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර නොගත්තේ යයි චෝදනා කරමින් ‘ගාර්ඩියන්’ සහ ‘නිව් යෝර්ක් ටයිම්ස්’ යන පුවත්පත් සති අන්තයේදී වාර්තා පළ කර තිබිණි.මෙම චෝදනා ඔප්පු වුවහොත් ලෝකයටම ෆේස්බුක් නැවතීමට ඇමරිකාව විසින් තීරණයක් ගනු ඇති බවද වාර්තා වේ.

අදාළ චෝදනාව පදනම්ව තිබුණේ ‘Cambridge Analytica’ නමැති සමාගමක් රැස් කළ දත්ත සම්බන්ධයෙනි.

තොරතුරු අපහරණය කර ඇත්තේදැයි පරීක්ෂා කරන බව යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානියා පවසා ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය මේ සමබන්ධයෙන් “ඉතා සැලකිලිමත්” බව ඇයගේ ප්‍රකාශකයෙක් පැවසීය.

‘Cambridge Analytica’ සතු ෆේස්බුක් ගිණුම් අවහිර කළ ෆේස්බුක් සමාගම නුසුදුසු ආකාරයට දත්ත රැස්කිරීම සහ දත්ත මකා නොදැමීම පිළිබඳ එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

මෙම තොරතුරු රැස්කර ඇත්තේ ‘Cambridge Analytica’ සමාගමට සම්බන්ධ සමාගමක් නිර්මාණය කළ පෞර්ෂත්ව ගැටලු සහිත දුරකථන යෙදවුමක් (Mobile App) සඳහාය. මෙම රැස්කළ තොරතුරු 2016 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර වන ලෙස භාවිතයට ගන්නට ඇති බවට විශ්වාස කෙරේ.

ෆේස්බුක් තුළ ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට ගත හැකි යම් ක්‍රියාමාර්ග:

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් පිවිසිය හැකි දුරකථන යෙදවුම් (Mobile App) පිළිබඳ සැලකිලිමත් වීම. මෙවැනි යෙදවුම් මගින් ඉතා පුළුල් පරාසයක අවසර ඉල්ලා සිටින අතර එම බොහෝ යෙදවුම් විශේෂයෙන්ම දත්ත උකහා ගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇත.

වෙළෙඳ ප්‍රචාරණ සීමා කිරීමට ‘add blocker’ වැනි යෙදවුමක් භාවිත කිරීම.

ඔබේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂණ පියවර පිළිබඳ සැලකිලිමත් වීම. ඊට අනුව වෙනත් පාර්ශ්වයකට ඔබේ තොරතුරු සඳහා පිවිසීමකට ඇති අවකාශ සලසා ඇත්දැයි විමසිලිමත් වන්න.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!