Gossip

බහුතරයක්‌ ඔළුවෙ ඉඳන් වහගෙන අමුතු ජාතියක්‌ හැටියට පෙන්වන්න උත්සාහ කරනවා – බුර්කාව ලංකාවෙත් තහනම් වෙයිද?

අපි රටක්‌ හැටියට ජාතියක්‌ හැටියට හිතන්නෙ නැති නිසා රටේ දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මහනුවර ජාතිවාදයෙන් ගිනි ගන්නවා. ලෙන්ගතුකම තිබුණනම් ගාල්ලෙ අම්පාරෙ මහනුවර ගිනිගන්නෙ නැහැ. සුළු ජාතීන් වුවද මෙය තමන්ගෙ රට කියල සිතාගත යුතුයි. මෙය සිංහල ජාතියට විතරක්‌ කරන්න බැහැ. අද බහුතරයක්‌ ඔළුවෙ ඉඳන් වහගෙන අමුතු ජාතියක්‌ හැටියට පෙන්වන්න උත්සාහ කිරීමෙන් ලෙන්ගතුකම නැතිකරන්න බීජයක්‌ ඇති කරනවා යෑයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා පවසනවා.

හබරාදූව සහභාගිත්ව සංවර්ධන පදනමේ රජත ජයන්තිය හා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ග්‍රාමීය නායිකාවන්ට උපහාර දැක්‌වීම සහ එම පදනමේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය විමල් දිසානායක මහතාගේ ලෙන්ගතුකම නමැති කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් හබරාදූව කොග්ගල සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 8 වැනිදා පැවති උත්සවයක්‌ අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

හබරාදූව ගොඩනගා ජන ජීවිත ගොඩනගන එක මහජන නියෝජිතයන් වන අපගේ වගකීමයි. යාපහුවෙ ඉඳන් ඇවිත් හබරාදූවෙන් විවාහවෙලා රජය කළ යුතු වැඩ කිරීම ගැන ආචාර්ය විමල් දිසානායක මහතා වීරයෙක්‌. අපි ගොඩනැඟිලි හදනවා. පාරවල් හදනවා සාක්‌කු පුරවනවා. පවුල සතුටින් තබා ගැනීම අමතක කර දමා තිබෙනවා. සිංහල බෞද්ධයන් හැටියට ලෙන්ගතුකම ඇතිකරන සංස්‌කෘතියක්‌ තිබුණා. අද අපේ රටේ අපට නොගැළපෙන සංස්‌කෘතියකට කාන්තාවන් රැගෙන යනවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!