Gossip

අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා – ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි

පසුගිය දවස්වල කතාවූ මාතෘකා අතරින් මුල් තැන දිනාගත්තේ පුබුදු සහ මාෂිගේ විවාහ උත්සවය ගැන. ඉතින් විවාහයෙන් පස්සේ මේ දෙන්නා එකතුවෙලා පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. මේ ඒ සාකච්ඡාවයි.

තනිකඩ ජීවිතේට සමුදීලා පුබුදුත් එහෙනම් මනමාලයෙක් වුණා නේද?
ඔව්, ඉතින් අපිට හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. ඕනම දෙයකට කාලයක් තියෙනවනේ. සුදුසුම කෙනා ලැබුණා නම් ඇයි තවත් බල බලා ඉන්නේ. මගේ සිහින කුමාරිව මගේම කරගන්නයි මට වුවමනා වුණේ. අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කළා. ඒ ආදරයේ නීත්‍යානුකූල සහතිකය තමයි මේ විවාහය.

කොහොමද දැන් ඒ විවාහයේ “මිහිර” අත්විඳින්නේ ?
හරිම සතුටින් අපි දැන් ජීවිතය සැලසුම් කරනවා. මාෂී වගේ කෙනෙක්ව මගේ ජීවන සහකාරිය කරගන්න ලැබිමම මට සතුටක්. ඒ විදියට බලද්දී මම හරිම ලකී හස්බන්ඩ් කෙනෙක්. මාෂී මටම ගැළපෙන මටම ඉපදුණ කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. ඇය ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන වැඩකරන හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපයෙන්, ගතිගුණ වගේ හැමදෙයකින්ම සම්පූර්ණ කෙනෙක්. ඇගේ අත ගන්න ලැබිම නිසා මම තවත් වාසනාවන්ත වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙනවා.

පුබුදු – මාෂී විවාහ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැලසුම් කර තිබුණා.
අපි හැම දෙයක්ම මුලින්ම ප්ලෑන් කළා. ඒත් අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා. ඒත් අපි දෙන්නා හිතුවාටත් වඩා හොඳින් හැමදෙයක්ම කෙරුණා. අපේ තේමාව වුණෙත් “සිනමා”. ඒ තේමාව මගේ ආදර සහෝදර නළු නිළියෝ එකතු වෙලා තව තවත් ලස්සන කළා. රොෂාන්, සාරංග, ශලිනි, ඩිනක්ෂි, සචිනි ඒ වගේම චන්න, යශෝධා, සංගීතා කියන අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් එකතු වෙලා අපි දෙන්නටම දුන්න සප්රයිස් ඩාන්ස් එක නම් කියලා වැඩක් නැහැ. අදටත් හැමෝම කතා වෙන්නේ මේ සප්රයිස් ඩාන්ස් එක ගැන තමයි.

පුබුදු චතුරංග වගේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවකුගේ බිරිඳ වෙන්න ලැබිම ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?
මම පුබුදුට කැමති වුණේ ඔහු අපේ රටේ ඉන්න ජනප්‍රියතම කඩවසම් නළුවෙකු නිසා නෙවෙයි. පුබුදු හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම අවංක කෙනෙක් නිසා. එයා මාව ගොඩාක් හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඕනෑම දෙයක් එයා එක්ක කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. එයා මට ආදරෙයි කිව්වෙත් කළුතර බෝධියේදී. හැම අවස්ථාවකම එයා මාව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ ආදරණීය සැමියෙක් ලැබිමත් මගේ වාසනාව කියලයි මට හිතෙන්නේ.

පුබුදු නම් අපිට කිව්වේ මාෂීව යාළු කරගන්න එක නම් ලෙහෙසි වුණේ නැහැ කියලයි.
(හිනා) ඔව්. ඉතිං ගැහැනු ළමයෙක් තමන්ගේ සහකරුවා තෝර ගන්නකොට හොඳට හිතලා බලලනේ ඒ තීරණේ ගන්නේ. ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි. අද මට හිතෙනවා මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණේ හරියටම හරි කියලා. අපි දෙන්නටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!