Gossip

ඊයේ රෑ මාලඹේදී වෙඩි වැදුණු කෝටිපතියාගේ ඝාතනය පිටුපස පාතාල නායක අංගොඩ ලොක්කාගේ සම්බන්ධයක්

මාළඹේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ව්‍යායාම් මංතීරුවේ ව්‍යායාම්වල නිරතව සිටියදී ඊයේ (25) රාත්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවටද හෙළිවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක් බවට සැක පහළවී ඇති බවයි.

මියගිය ව්‍යාපාරිකයා මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ ඔහු මුදල් පොලියට ලබාදීම ද මහා පරිමාණයෙන් සිදුකළ අයෙකු බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!