පසුගිය 07 වැනිදා කෙසෙල්වත්ත පොලිස් වසමේදී සොයාගත් මුල්ලේරියාවේ පදිංචිව සිටි ශාන්ත කුමාර නොහොත් කොස් මල්ලිගේ හිස කොටසට අදාළ කඳ කොටස අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලට අනුව එම කඳ කොටස අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්රදේශයේ කෙසෙල් ඉඩමක වළ දමා තිබියදී අගුණකොලපැලැස්ස මහේස්ත්රාත්වරිය ඉදිරියේදී ගොඩගෙන තිබුණා.
හිස කොටස මෝටර් රථයක දමා කොළඹට යැවූ බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ප්රකාශ කර තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් නම් සැකකරුට සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබෙනවා
මේ අතර, ඔහුගේ ගෙල කැපීමට පෙර ගසක බැඳ ඔහුගේ ජංගම දුරකථනයෙන්ම ඡායාරූපගෙන ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා.