තලවතුගොඩ හංදිය ආසන්නයේ පසුගියදා සිදුව තිබූ රිය අනතුර සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා.
එමෙන්ම අදාළ BMW i8 රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක්ද ඇතිවුණේ මෙම මෝටර් රථය දේශපාලන ප්රබලයෙකුගේ පුතෙකුට අයත් රථයක් යැයි පැතිර ගිය කතාවත් සමගයි.
මේ සම්බන්ධයෙන් කතාබහ වූ දේශපාලන ප්‍රභලයින් අතර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාද සිටියා.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ තමන්ගේ ඥාතියෙකු වන නමුත් ඔහු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්ය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කල නිවේදනය පහතින්.
තලවතුගොඩ දී 2018 – 03 – 17 දින බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිවල පළවන වාර්ථා මාගේ අවධානයට ලක් කළෙමි. රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්, මාගේ දේශපාලන කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු බවත් අවධාරනය කරමි. තව දුරටත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරගෙන යනු ලබන අපක්ෂපාතී පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතකදී මාගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මැදිහත් වන බවද අවධාරනය කරනු කැමැත්තෙමි.
ස්තූතියි.
මෙයට – විශ්වාසී
කබීර් හෂීම් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය
කෙසේවෙතත් ඊයේ දිනයේ අදාළ මෝටර් රථය පැදවූ බව කියන පුද්ගලයා පොලිසියට භාර වී තිබූ අතර අද දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත්තේ මාර්තු 27 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර කරන ලෙසයි.